අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්තොට භූ විද්‍යා  හා  පතල් කැණීම් කාර්යංශයේ ප්‍රධාන කැණීම් ඉංජිනේරුවා අල්ලස් දැලේ… 

කැණීම් බලපත්‍රයක් දෙන්න වැලි ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ තුන හමාරක් ගන්නවිට අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වැලි කැණීම් සදහා බලපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේ දී  අම්බලන්තොට භූ විද්‍යා  හා  පතල් කැණීම් කාර්යංශයේ ප්‍රධාන කැණීම් ඉංජිනේරුවරයා  හා එම ආයතනයේම රියදුරෙකු කොළඹ අල්ලස් හා දුෂණ මර්ධන අංශයේ  නිලධාරීන් විසින්  ඊයේ  (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට භූ විද්‍යා  හා  පතල් කැණීම් කාර්යාලයේ සේවයේ නියුතු පෙතියාගොඩ, කැලණිය ලිපිනයේ පදිංචි  නිකලන්ද වත්ත චමින්ද ප්‍රමුදිත ලංකා නැමති කැණීම් ඉංජිනේරු වරයෙකු සහ එම ආයතනයේම රියදුරෙකු ලෙස සේවය කරන නව නගරය, ඇඹිළිපිටිය ලිපිනයේ පදිංචි මාරසිංහගේ දර්ශන දීපාල් නැමැත්තෙකි. 

සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට මාමඩල පදිංචි ප්‍රසිද්ධ වැලි ව්‍යාපාරිකයෙකුට නව වැලි කැණීම් බළපත්‍රයක් ලබා දිම සඳහා රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

ඒ අනුව අදාල ව්‍යාපාරිකයා විසින් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ මර්ධන අංශයේ  නිළධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව අදාල ව්‍යාපාරිකයා අල්ලස් මුදල ඉංජිනේරුවාගේ පාර්ශවය හා කතා කර ලක්ෂ තුන හමාර තෙක් අඩු කරගෙන ඇත. අනතුරුව    අම්බලන්තොට ප්‍රදේශයේදී භූ විද්‍යා කැණීම් නිළධාරියාට හා රියදුරුට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාදුන් අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අල්ලස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් භූ විද්‍යා කැණීම් නිළධාරියා හා රියදුරු අම්බලන්තොට පොලිසියට රැගෙන ගොස් එහිදී ප්‍රකාශ සටහන් කර ගැනිම හා ප්‍රශ්න කිරිම් සිදුකර තිබේ. 

සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන වසර වනවිට දහස් ගණනකගේ ජීවිත වැනසීමට නියමිත සමනළවැව දකුණු  ඉවුරේ සොහොන් ලකුණු  ගැන විද්වතුන් කියනකතාව

Next Post

කොල්ලුපිටිය රිය අනතුරේ තුවාලකරුවන් ගැන ජාතික රොහල කියන කතාව….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.