මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ කුඩා ඇළක කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුළ සිර වී සිටි මාස හතරක් පමණ වයසැති අලි පැටියෙකු මුදාගැනීමට අද වැලිකන්ද වනජීවී නිලධාරීහු සමත් වූහ.
අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එම අලි පැටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී. ජානක අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
බීමට ජලය සොයා පැමිණි වන අලි රංචුවකින් මග හැරුනු එම අලි පැටියා ඇළට වැටී කුඩා බෝක්කුවක හිර වන්නට ඇති බවට සැකකරන බව අඩවි ආරක්ෂක නිලධාරයා කීවේය.
ප්‍රදේශයේ ගොවියෙකුගෙන් ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ වැලිකන්ද වනජීවී නිලධාරීන්, එම ප්‍රදේශයට ගොස් බෝක්කුවේ සිරවී සිටි අලි පැටවා පැයක පමණ මෙහෙයුමකින් පසුව මුදා ගැනීමට කටයුතු කළහ.