කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට අද තැබූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
තවත් පුද්ගලයෙක් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
වෙඩි ප්‍රහාරයට තබා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ බස් රථයකට නැගීමට සිටි පුද්ගලයින් 03ක් ඉලක්ක කරගෙන බව පොලිස් විමර්ශන අංශ පවසයි.
යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනා ටි.56 අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වේ.
මේ ලිපියත් කියවන්න…
කොළඹ කොටුව නියොජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක්!