-
දැරිය මානසිකව පීඩාවට පත් කළ බවට මේ වනවිට ගර්හාවට ලක්වන රාජේෂ්වරී පුද්ගලික අධ්‍යාපන ආයතනය හිමි සිවනන්දරාජා නාරායන් පිල්ලේ ගුරුවරයෙක් නොවෙයි… ඔහු එම ආයතනයේ හිමිකරු පමණයි… මේ දැරිය ගර්හාවට ලක් වී ඇතිනම් ඒ ගුරුවරයා ගැන සෙවිය යුතුයි… දැරිය ගර්හාවට ලක් කළ දිනයේ සිට මාස දෙකක කාලයක් ඇය ටියුෂන් පන්තිවලට සහභාගී වී නෑ… මේ සියලු කරුණු පදනම් කරගෙන පුළුල් විමර්ශනයක් නොකර කාටවත් සාධාරණය ඉටු වන්නේ නෑ… ජාතික ජන බලවේගය කරුණු පැහැදිලි කරයි…
සරෝජා පෝල්රාජ්පා ර්ලිමේන්තුවේ දී දමිළ භාෂාවෙන් සිදුකළ කතාවේ සම්පූර්ණ කතාව නොව කොටසටක් පමණක් වැරදි ලෙස පරිවර්තනය කර දෙරණ සිදුරන ලද වාර්තාකරණයක් පදනම් කරගෙන සමාජ මාධ්‍ය තුළ පෙරේදා සිට විවිධ පෝස්ට් හුවමාරු වේ.
සරෝජා පෝල්රාජ් එම කතාවේදී ඇය මතු කරන්නේ ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව හා දෙමව්පියන්ව ද සම්බන්ධ කරගෙන ඇති බව ය.
එමෙන් ම මැයි 08 වන දින පැවති උද්ඝෝෂණය අවසානයේදී ඔවුන් පෙත්සමක් රැගෙන එන බවට දැනුම් දී තිබූ බවත්, අමාත්‍යවරිය විසින් ඔවුන්ට අමාත්‍යවරිය හමුවී පෙත්සම භාරදීමට අවස්ථාව සලසා තිබුණ ද ඔවුන් නොපැමිණි බව ය. එමෙන් ම සිය පාර්ශවය ද මේ සිදුවීමට අදාළ ව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවට විශ්වාස කරන බව ද ඇගේ කතාවේ අඩංගු වේ.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කරනු ලැබූ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
“මේ සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු මම එකතු කළා ඉදිරි පරීක්ෂණයක් වෙනුවෙන්. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ 2024 දෙසැම්බර් මාසයේ. මේකේ මුල බැලුවොත් මේ සිසුවිය මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබලා තියෙනවා. මේ සිසුවියට සිදු වුණා කියන අපචාර සිදුවීමෙන් පසුව JMO වාර්තාවක් අරගෙන තියෙනවා. මේ ළමයාගේ පාසලේ අනෙක් සමවයස් සිසු සිසුවියන්ගෙන්, ඒ වගේ ම ළඟ යාලුවන්ගෙන් තොරතුරු අරගෙන අපි ෆයිල් එකක් හදලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් මැයි 05 වන දා ළමාරක්ෂණ අධිකාරියට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා දෙමව්පියන්ට කිව්වත් අදට [මැයි 08] දවස් 4ක් ගිහිල්ලත් තවම පැමිණිල්ලක් කරන්න ගිහින් නෑ.
අද [මැයි 08] පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යංශයටයි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයටයි පෙත්සමක් භාර දෙන්න එනවා කිව්වා. මම ඒකටත් අවස්ථාව හදලා දුන්නත්, දෙමව්පියන්ට ඇවිල්ලා මාව හම්බවෙන්න කිව්වත් තව ම ඇවිල්ලා නෑ. හෙට හෝ අනිද්දා ඔවුන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේවා ෆේස්බුක් එකෙන්වත්, සමාජ මාධ්‍යවලින්වත් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි.
අපට නීතිය ක්‍රියාත්මක කරගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ වෙච්ච සිදුවීම ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බවට අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි දැනටමත් ඒ වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා.”
ඇය මෙලෙස පැහැදිලි ලෙස පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කලද දෙරණ සහ පරාජිත දුෂිත නඩයේ “ෂාෆි 02” නාටකය හරහා අසත්‍ය මතයක් සමාජගත කිරීමට උත්සාහ ගෙන තිබේ.
ළමා අපචාර සහ හිංසනයන් පිටුදැකීමේ සටන් පාඨ වලට මුවා වී පරාජිත දුෂිත දේශපාලන නඩය දියත් කරන දේශපාලන කුමන්ත්‍රණයන් පිලිබදව අප අවබෝධ කරගත යුතුය.
මෙම කොටහේන දැරියගේ සිදුවීම පදනම් කරගෙන පලාත් පාලන මැතිවරණය අභිමුවේ එළියට පැමිණි මෙම “ෂාෆි 02” මෙහෙයුම මෙම සිදුවීම් පෙළ ගැඹුරින් අධ්‍යනය කරන්නෙකුට තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ.
එබැවින් කොටහේනේ මෙම දැරියට පමණක් නොව මෙවැනි ලිංගික හිංසනයන්ට ගොදුරුවන ඕනෑම අයෙකුට යුක්තිය අපේක්ෂා කරන පුද්ගලයින් මෙම සිද්ධියට අදාල පහත සිදුවීම පෙළ පිලිබදව අධ්‍යනය කිරීම බොරු වලවල් වල නෙවැටී සිටීමට උපකාරී වනු ඇත.
✍ මෙම දැරිය බම්බලපිටිය හින්දු විද්‍යාලයේ දී මෙම අවසානාවන්ත ඉරණමට ලක්වන්නේ 2024 ඔක්තෝබර් මාසයේදී ය.
✍ එම ලිංගික හිංසනය දෙමාපින් දැගෙන රෝහල් පොලිසිය හරහා බම්බලපිටිය පොලිසියට වාර්තාවී අදාල ගුරුවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ 2024 දෙසැම්බර් මාසයේදී ය. එම ගුරුවරයා සති කිහිපයකින් ඇපමත නිදහස් වන අතර ඒ පිලිබද නඩුව මෙම මැයි මස 19 වනදින නැවත කැදවීමටද නියමිතය.
✍ එම සිදුවීමෙන් පසු මෙම දැරිය බම්බලපිටිය හින්දු විද්‍යාලයෙන් ඉවත්කරගෙන කොටහේන ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කරයි.
✍ ඉන්පස්ව ජනවාරි මාසයේ මෙම දැරිය කොටහේන ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ආයතනයකට විෂයන් කිහිපයක් හැදෑරීමට පැමිණෙන අතර සති තුනක පමණ කාලයක් ඇය එහි පංති වලට සහභාගී වී තිබේ.
✍ එම කාලය තුළ මෙම දැරිය යම් අසනීප තත්ත්වයකින් පෙළුණු බවද වාර්තා වේ. ඇගේ කනෙන් ලේ ගලන අයුරුද වරක් නිරීක්ෂණය වී තිබේ. එවැනි අවස්ථාවක දෙමාපියන් කැදවා ඒ බව දනුම් දී නැවත සනීපවී පංති වලට පැමිණෙන ලෙසද පවසා ඇත.
✍ මේ අතර මෙම අයතනයේ ගුරුවරකෙු විසින් ඇයව සිසුන් ඉදිරියේ යම් අපහසුතාවයට ලක්වන අයුරින් කතාකල පුවතක් ද සමාජ මාධ්‍ය තුල සංසරණය වේ. ඒ පිලිබදව වැඩිදුර තොරතුරු සොයා බැලිය යුතුය.
✍ නමුත් මෙම සිදුවීම පාදක කරගෙන මෙම උපකාරක පංති පවත්වන ආයතයේ හිමිකරු මෙන්ම මාලිමාවේ අපේක්ෂකයකු වන සිවනන්දරාජා ඉලක්ක කරගෙන සමාජජාල තුළ අසත්‍ය ප්‍රවෘත්ති හුවමාරු වේ. ඔහු ගුරුවරයෙකු නොවන අතර මෙම උපකාරක පංති පවත්වන ආයතනයේ හිමිකරු පමණි.
✍ අනිත් කාරණය මෙම දැරිය අවසනාවන්ත ලෙස සියදිවි හානිකර ගන්නේ පසුගිය අප්‍රේල් 29 වෙනි දිනයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙම සිදුවීම වන අප්‍රේල් 29 වනදින දක්වා මාස දෙකකට වැඩි කාලයක් මෙම දැරිය ඉහත උපකාරක පංති පවත්වන ආයතනයේ පංති සදහා සහභාගී වන්නේද නැත.
✍ මෙම සිදුවීම් මාලාව ඉන්පසුව වෙනත් දිශානතියකට යොමුවන බව පැහැදිලි වේ. ඒ මේ සදහා ජෝසප් ස්ටාලින්ලා, මුජිබර් රහුමාන්ලා, මනෝ ගනේෂන්ලා සමග හිරු දෙරණ එකට සිටගැනීම හරහාය.
✍ මුලින්ම මෙම සිද්ධිය සදහා මාධ්‍ය සාකච්ඡාවක් කැදවන්නේ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ය. ඉන්පසුව ‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාවේ කැමරා කණ්ඩායමක් මෙම දැරියගේ නිවසට ගොස් මාලිමාවේ අපේක්ෂක සිවනන්දරාජාගේ නම පුන පුනා සදහන් කරමින් දෙමාපියන්ගෙන් වෙයිෂ් කට් ලබාගනී. මේ සියල්ල සිදුවන්නේ පලාත් පාලන මැතිවරණය අභිමුවය.
✍ එමෙන්ම ඡන්දය පැවති දින (06) උදේ සිවනන්දරාජාට දුරකථන ඇමතුමක් හරහා මරණ තර්ජනයක් එන්නෙ රටම දන්න පාතාල කල්ලි නායකයෙකු නම සදහන් කරමිනි. ඒ පිලිබදව ද ඔහු CID යට පැමිණිලි කර තිබේ.
✍මැතිවරණයෙන් පසුවද මෙම කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මක වන අත ‘දසත’ නැමැති යුටියුබ් නාලිකාවක නැවත සිවනන්දරාජා සහෝදරයාගේ නම සදහන් කරමින් ගුරුවරියක් යැයි කියන කාන්තාවක් කරුණු දක්වන අතර ඇයද ජෝසප් ස්ටාලින්ගේ ලංකා ගුරු සංගමයේ උප සභාපති තනතුරක් දරණ අයෙකි.
✍ එමෙන්ම මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතුකල මනෝ ගනේෂන්ට පවා මාලිමාවේ සිවනන්දරාජා සහෝදරයා සමග බේරාගැනීමට ගනුදෙනුවක් ඇත. එනම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනෝ ගනේෂන්ට මන්ත්‍රී ධුරය අහිමිවෙන්නේ ජාතික ජනබලවේගය උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කරමින් සිවනන්දරාජා සහෝදරයා ජන්ද 34000ක් ලබාගැනීම නිසා බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා හෙදාකාරවම දනී. ඒ නිසා ඔහුට සජබ ජාතික ලැයිස්තුවේ පිහිට පැතීමට සිදුවිය.
ඉහත සිදුවීම් පෙළ අධ්‍යනය කිරීමේදී පරාජිත දුෂිත නඩය මෙම සිදුවීම තම පටු දේශපාලන උවමනාව සදහා යොදාගන්නා ආකාරය දෙස බලන විට එම දැරියට යුක්තිය ඉටුකිරීම කෙසේ වෙතත් මාලිමාව සමග තමන්ට ඇති දේශපාලන ඇරියස් කවර්කර ගන්නා බවනම් කදිමට තහවුරු වේ








