ඉඳුනිල් කහටපිටිය –
නාරම්පනාව කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කැපීමට පැමිණ සිටියදී හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේසිරි සහ එහි ග්‍රාම නිලධාරිවරයා ගම්මුන් විසින් පොලිසියට අල්ලා දී තිබුණ ද තෙල්දෙණිය පොලිසිය විසින් ඔවුන් පොලිස් ඇප මත මුදාහැර යවා තිබේ.
ග්‍රාම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට ඇප ලබා දුන් බව තෙල්දෙණිය ජේෂ්ඨ පොලිස් අධිකාරි පලිහවඩන පවසයි
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ව්‍යාපාරිකයකු වන අතර ඔහු සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් පිරිසක් ද වාහනයකින් පැමිණ කුඹුක් ගස කපන ස්ථානයේ රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පැවසූහ.
අනවසරයෙන් මහවැලි ජලාශ රක්ෂිතයට අයත් මෙම භූමියේ කුඹුක් ගස කැපීමේ සිද්ධියට අදාළ සාක්ෂි මෙපමණ තිබියදීත් ාත් සභා හිටපු මන්ත්‍රීවරයා සහ ග්‍රාම නිලධාරියා පොලිසියට අල්ලා දී සිටියදීත් ඔවුනට එරෙහිව නීතිමය පියවර නොගෙන මත මුදා හැරියේ ඇයි දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.