දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළ අවට ප්‍රදේශය ස්කෑන් හා රේඩාර් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව මිනිස් ඇට සැකිළි විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය වි ඇති බැවින් එම සමූහ මිනීවලේ ප්‍රමාණය මධ්‍ය ලක්ෂයේ සිට මීටර් පහ බැගින් පුලුල් කිරීමට අද (29 ) තීරණය කොට තිබේ.
ඊට පෙර දිනයේ සිදු කළ කැණීම් වලදී අළුතින් මිනිස් ඇට සැකිළි කොටස් 3 ක් හමු වී ඇති අතර ඒ අනුව මෙතෙක් එම සමූහ මිනී වළෙන් හමු වී මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 38 ක් දක්වා ඉහල යන බව මුලතිව් දිස්ත්‍රික් විශේෂ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව පැවසීය.
ඊට අමතරව කොටි සෙබළියන් විසින් භාවිත කළ බවට සැක කෙරෙන ඇදුම් තුවක්කු පතුරම් ඩෝග් ටැග් පිස්තෝලයක් කාන්තා ඇදුම් කරාබු ඇතුලු තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී තිබේ.

මෙම සමූහ මිනී වලේ මධ්‍ය ලක්ෂයේ සිට මීටර් 150 ක දුරකට තාක්ෂණික උපකරණ භාවිත කරමින් නිරීක්ෂණ සිදු කිරීමට මුලතිව් අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර එම කටයුතු අධිකරණය විසින් පත් කළ නිලධාරීන් කීප දෙනෙකුගේ අධීක්ෂණය මත සිදු කෙරෙයි.
ඊට අමතරව සමූහ මිනී වලේ සියළුම කටයුතු සී.සී.ටීවී කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කිරීමේ හැකියාවද මුලතිව් අධිකරණයේ නියෝගයක් මත ක්‍රියාත්මක වෙයි.
මේ දිනවල මුලතිව් පළාතට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන නමුත් සමූහ මිනී වළ තුලට ජලය කාන්දු නොවන සේ විශේෂ ආවරණ කිපයක්ම ඊට යොදා තිබේ.







