යතුරුපැදියකින් කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු අම්පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර – හිඟුරාන මාර්ගයේ පොලිස් මුරපොලකදී ගංජා ග්රෑම් 656ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් අම්පාර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරයා චවලකඩේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයා උහන කඳවුරට අනුයුක්තව සේවය කරයි.
සැකකරුවන් දෙදෙනාම 36 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසිය වෙත භාරදී ඇ.ත.