පොලිස් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට යොමු කළ ඇයගේ පෙම්වතා අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූ පොලිස් කොස්තාපල්වරයෙක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවටගෙන අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමෙන් පසු ඔහු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් බව තහවුරු කරගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් කොස්තාපල් පෙම්වතිය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.
සිද්ධියට අදාල නිරුවත් වීඩියෝවේ පෙනී සිටිනා පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කිරීමට මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබිණි.
ඇය මිල්ලනිය පොලිස් ස්ථානයේ සේවය කරන අතර තුර කාන්තා පොලිස් භට නිවාසය තුළ හිඳිමින් මෙම නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම ලබාගෙන තිබුණ ව විමර්ශනවල දී හෙළි විය.