බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය – නුවර රෝහල්වල මාරක භීතිය ඇතිකළ Ceftriaxone ප්‍රතිජීවක ඖෂධය කුමක් ද?

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී තරුණියක මිය යෑමෙන් පසු ඊයේ සවස එම ඖෂධය ම අසාත්මික වී මහනුවර රෝහලේ තවත් රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාරයට යොමු කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඇතැම් රෝගීන්ගේ කායික ප්‍රතිශක්තිකරණ මට්ටම හෝ ඒ සෞඛ්‍ය තත්ත්වයන් මත ප්‍රතිජීවක ඖෂධය ආසාත්මික වනු ඇති බවට වෛද්‍යවරු ප්‍රකාශ කළ ද මේ වන විට රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ Ceftriaxone ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් බාල වන්නට ඉඩ ඇති බවය.

Ceftriaxone නම් වූ ප්‍රතිජීවක ඖෂධය 1978 දී පේටන්ට් බලපත්‍රය ලබා ගත් ඖෂධ කාණ්ඩයකි. එය 1982 දී වෛද්‍ය භාවිතය සඳහා අනුමත කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇති එය සාමාන්‍ය ඖෂධයක් ලෙස මෙතෙක් සාර්ථකව භාවිත කර තිබේ

බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම හෝ වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධයක් වන මෙය ලෝකයේ ඕනෑම රෝහලක ඉහළින් පිළිගැනෙන ඖෂධයක් බව ප්‍රකටය.

Ceftriaxone අයත් වන්නේ cephalosporin ප්‍රතිජීවක ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයටය. එය බැක්ටීරියා විනාශ කිරීම හෝ එහි වර්ධනය වැළැක්වීම මගින් ක්‍රියා කරන බව වෛද්‍ය විද්‍යාත්මකව දත්ත හෙළි කරයි. කෙසේ වෙතත්, මෙම ඖෂධය සෙම්ප්‍රතිශ්‍යාව, උණ හෝ වෙනත් වෛරස් ආසාදන සඳහා ක්‍රියා නොකරයි. මෙම ඖෂධය ලබා ගත හැක්කේ වෛද්‍යවරයාගේ අනිවාර්‍ය අනුමැතිය සමඟ පමණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඖෂධය cephalosporin antibiotics ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයට අයත් වේ. මෙම ඖෂධය අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි වීම නිසා අධි රුධිර බිලිරුබින් මට්ටම් සහ නොමේරූ ළදරුවන් සමඟ අලුත උපන් බිළිඳුන් සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි.

Ceftriaxone Vial භාවිතා කරන්නේ කෙසේද යන්න දැන සිටීම ද අතිශය වැදගත් ය.

සාමාන්‍යයෙන් දිනකට වරක් හෝ දෙවරක් වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මාංශ පේශි හෝ ශිරා තුළට එන්නත් කිරීම මගින් මෙම ඖෂධය ලබා දෙනු ලැබේ. මාත්‍රාව ඔබේ සෞඛ්‍ය තත්වය සහ ප්‍රතිකාරයට දක්වන ප්‍රතිචාරය මත පදනම් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී තිබේ.

කැසීම/ඉදිමීම (විශේෂයෙන් මුහුණ/දිව/උගුර), දරුණු කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව ඇති වන්නේ නම් මෙම ඖෂධය මත සිරුරේ ආසාත්මිකතාවයක් වර්ධනය වන බවට අනුමාන කළ හැකි බවද වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

Next Post

පොලිස් පෙම්වතියගේ නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කළ පෙම්වතා අයිස් මතට ඇබ්බැහි වූ පොලිස් කොස්තාපල් කෙනෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.