සුමිත් පොතුපිටිය –
කේතුමතී කාන්තා රෝහලේ විවේකාගාරයේ නිදා සිටී වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනය සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි.
එහි වාට්ටු භාර වෛද්‍යවරියක විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසයි .
පැමිණිලිකාර වෛද්‍යවරිය සිය සේවා මුරය අවසානයේ වෛද්‍යවරියන්ගේ විවේක කාමරයේ නිදාසිටියදී ජංගම දුරකථනය කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය කීය.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.