අදින් ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසි වාරයේ ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර එම සමුලුව ඇමතීමට නියමිතව ඇත.
අද(11) දින එරට වේලාවෙන් ප.ව. 12.00 – 01.00 ත් අතර කාලය තුළදී ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි.
මේ වනවිට රටේ ඇතිවී තිබෙන ඖෂවල ප්‍රමිතිය තහවුරු කිරීමට යාන්ත්‍රණයක් නොමැති වීම, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පසෙකට දමා නිසි ටෙන්ඩර් පටිපාටිය නොසලකා හරිමින් කටුයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකෙරෙන දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් සමුළුවේ අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාට එහෙිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවේ දී කතා කරමින් වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩ නැගී ඇති මේ චෞර වළල්ලේ ස්වරූපය ජිනීවා ගොස් හෙළි දරව් කරන බවය.