කීර්ති ප්‍රනාන්දු –
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ගිවිසුම අකුලා නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත එළඹෙන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් කීවේය.
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ආයෝජනය පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග අවසන් ගිවිසුමකට එළඹුනු බවට නිව් ෆෝට්‍රස් එනර්ජි නම් වූ ඇමරිකානු සමාගම නිවේදනය කිරීමෙන් අනතුරුව රන්ජන් ජයලාල් මේ බව පැවසුවේය.
මේ ගිවිසුම කුමණ තත්වයක් යටතේ හෝ ක්‍රියාත්මක නොවිය යුතු බවත්, එය රජය විසින් හකුලාගත යුතු බවත් ඔහු කීවේය.
එසේ නොකරන්නේ නම් විදුලිය හා තෙල් බෙදාහැරීම, වරායේ භාණ්ඩ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නවතා දමා සියලුම වෘත්තීය සමිති හා එක්ව දැඩි වර්ජනයකට යෑම අනිවාර්යයෙන් සිදුකරන බවද හෙතෙම පැවසීය.