පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ නිවසේ සිටි ඉතා දුර්ලභ ගණයේ බකමූණන් දෙදෙනෙක් වනජීවි නිලධාරීන් විසින් තමන් භාරයට ගෙන තිබේ
මෙම බකමූණන් සොයාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කළ දැනුම් දීමකට අනුවය.
මෙම බකමූණන් දෙදෙනා මන්ත්‍රීවරයාගේ වහලය මත සිට ඇත. අනතුරකට ලක්වීමේ අවදානමක සිටි මෙම සතුන් සම්බන්ධව වනජීවී නිලධාරීන් වෙත මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.
වනජීවී නිලධාරීන් කියන්නේ මේ සතුන් barn owl යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බවය.