බිබිල මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය කුසපත් ඇද තෝරා ගැනීමට ඊයේ (13) සිද්ධ වූයේය. කුසපත් ඇද සභාපති තෝරා ගන්නට වූ කතාව
බිබිල මැදගම ප්‍රාදේශීය සභාවේ ඇත්තේ සභික ආසන 17කි. ජාතික ජන බලවේගයට 08කි. ඉතිරි 09ක් පක්ෂ 05ක් අතරේ බෙදී යන්නේය. ඒ සජබට 4ක් පොදුජන සන්ධානයට 2ක්, සර්ව ජන බලයට, පොහොට්ටුවට, යූඑන්පී. එක බැගින් සභික ධූර 03ක් ලෙසිනි.
මාලිමාව පරාද කරන්නට මේ පක්ෂ 5න් 4ක් එකතු වුනේය. එහෙත් සර්ව ජන බලයේ සභිකයා අන්තිම මොහොතේ ඡන්දයය පාවිච්චි කිරිමෙන් වැළකී සිටියේ.
පැවැත්වුනේ විවෘත ඡන්දයකි. ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකියින් දෙදෙනා ඡන්ද 08 බැගින් ලබාගෙන සම තත්ත්වයට පත් වූහ.
අවසානයේ දි සභාපතිවරයා තෝරා ගත්තේ කුසපත් ඇදීමකිනි. එහිදී ජාතික ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂක ආර්.එම් අජිත් ප්‍රියන්ත රත්නායක වාසනාව මත තේරි පත්විය.
සර්ව ජන බලයේ අපේක්ෂකයා උප සභාපතිවරයා වෙත ඡන්දය පාවිච්චි කළ නිසා පොදු ජන එක්සත් පෙරමුණේ පියදිගමගේ රන්ජිත් උපසභාපතිවරයා ලෙස තේරී පත්වුනේය.







