සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රෙදි ඉල්ලේ” සන්ධානය…

by editor
ජූනි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකුකුමාර විසිනි –

ඊයේ පෙරේදා දවසක කැත අවලස්සන දේශපාලන සන්ධානයක් මෙරට ගොඩ නැගුණි. ඒ දේශපාලන සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදීන්ට අපුල ගඳක් නොදැනුනේ නම් හරිම පුදුමය. ඒ තරමටම එම දේශපාලන සන්ධානය ගඳය. ඔක්කාරයට එන තරමේය. දේශපාලන සන්ධානයට එක මේසයකට එකතු වූ සිටි දේශපාලන පක්ෂ ගැනත් එවායේ නායකයන්ටත් විලිලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත. ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැති මෙවුන්දැලා ගැන ගමේ වුන් පවසන්නේ රෙදි නෑ ⁣හලෝ කියාය. ඒ කියුම නිව් ජෙනරේෂන් කොල්ලන් කෙල්ලන් “රෙදි ඉල්ලේ ” යැයි වහරනු අසන්නටද ලැබේ. එම මාධ්‍ය සාකච්චාවට සහභාගි වූ දේශපාලන නායකයන් යට කෑල්ලට කලිසම් සරොම් ඇඳ සිටියාද යන්න ගැනත් පැහැදිලි අදහසක් ගන්නට  නොහැකිය. ඒ වාඩි වී සිටිය නිසාය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා, එජාප ,පොදුජන හා සජබ පක්ෂ සන්ධානය ගැන අටුවා ටිකා ටිප්පනී ලියන්නට ඔළුවේ සමනළ ගැට දාගන්නට ඕනෑ නැත. ඒ සන්ධානය තනි වචන දෙක තුනකින් හැඳින්වුව හොත් අප්පට සිරි ජාතියේ එකතුවකි. මෙරට දේශපාලනය තුළ සන්ධාන ඇති වීම අරුම පුදුම කාරණයක් නොවේ. ඒවා ගැන පූර්වාදර්ශත් පවතී. ඉදිරියටත් දේශපාලන සන්ධාන ඇතිවෙන්නට ඉඩ කඩද නැත්තේ නොවේ. එහෙත් මේ සන්ධානය ගැන අපට ලියන්නට සිඳු වී ඇත්තේ “යා දෙක නොරත රත සමග පෑහීමක් නැත” ජාතියේ සන්ධානයක් නිසාය. අප එසේ ලියන්නේ ඉරිසියාව හෝ කුහක කම නිසා නම් නොවේ.

මේ රට බංකොලොත් කරන ලද බවට ⁣ චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තීන්දුවක් ලබා ගත්තේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයන්ය. ඒ තීන්දුවේ වග උත්තරකරුවන් වූයේ පොදු ජන පෙරමුණේ සින්නක්කර අයිතිකාරයන් වූ රාජපක්ෂ සනුහරයයි. ඒ රාජපක්ෂ සනුහරය නියෝජනය කරමින් සාගර කාරියවසම් එම මාධ්‍ය සාකච්ඡාව නියෝජනය කෙරුවේය. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ගේ අමුඩයද ගලවා දමා එක්සත් ජාතික පක්ෂයට එකතු වූ තළතා අතුකෝරාළ උපාසිකා මාතාවද එම මාධ්‍ය සාකච්ඡාවේ පසෙකය. මේ සන්ධානයේ තවත් පසෙක වාඩි වී සි⁣ටියේ සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකය. ඔහු එහි සිටීම ගැන නම් මේ සන්ධානයට එරෙහි වන්නන් ඉත සිතින් සතුටු වන බව නම් නිසැකය. ඒ උන්දෑ නියෝජනය කරන දේශපාලන පක්ෂයක් කෙදිනකවත් ජයග්‍රහණය නොකරන බවට ලියාපදිංචි අදහසක් සමාජය තුළ තහවුරු වී තිබෙන නිසාය.

එසේම මේ සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක මේසයක වාඩි වී සිටි මේ උන්දැලා ගැන ලියන්නට නම් අපේ වචන ඕනෑ නැත. ඒ මන්ද යත් මෙවුන්දැලා ගේ දේශපාලනය ගැනත් මෙවුන්දැලා වැනි තක්කඩියන් ගේ දේශපාලනය ගැනත් රසවත් කියුම් ඕනෑ තරම් අපේ ජන වහරේ ඇති බැවිනි. ඒ ප්‍රස්තාව පිරුළු පෝලිමට තියා කියවමු.

  • අම්මාගේ තනේ කෑ එකා අල්ලපු ගෙදර කුකුළන් ඉතුරු කරයිද?
  • උණ පුරුකේ ලා තැබුවත් බලු වලිගේ ඇද ඇ⁣රේද
  • කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්
  • කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි
  • කිරි දියෙන් දෙවියත් – අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්
  • දු⁣ටු දුටු අස්සට ගහ උළුවස්සා
  • නැට්ටුවා වැටුනත් අඩව්වක්ලු
  • අඳින්ට නැති එකා බල්ලන්ට හැට්ට මහනවා වාගේ
  • ආරේ ගුණ නෑරේ
  • උපන් ගතිය බලි ඇරියත් අරින්ට බැරිලු
  • කන්ට හිතුනාම කබරගොයත් තල ගොයා වෙනවාලු
  • කෙස්ස කැපුවත් අන්දිරිසා අන්දිරිසාමය
  • ළිඳේ වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ ආ යුතුය
  • උරුලෑවා ගිය පාර වගෙයි

ඒ ප්‍රස්ථාව පිරුළු වලට පසුව ලියන්නට ඇත්තේ පැරණි කතන්දරයකි.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

හිමාලයේ තපස් රැකි තවුසෙකුට ඇප උපස්ථාන කර සිත් දිනාගත් බල්ලෙකුට කැලෑ වෘකයකු වීමේ ආසාව ඇති විය. බල්ලා ඒ ආසාව තවුසාට කී පමණින් තවුසා බල්ලාගේ ඒ කැමැත්ත ඉෂ්ඨ සිද්ධ කර දුන්නේය. බල්ලා වෘකයකු විය. වෘකයකු ලෙස කාලය ගත කළ බල්ලාට ඒ ජීවිතය එපා වී තමන් අලියෙක් කරන්නට යැයි තවුසා ඇයදීය. තවුසා ඒ ඉල්ලීමද ඉටු කෙරුවේය. නැවත සිංහයකු බවටද යලි වඳුරෙකු බවටද සිය රුචිකත්වයට ගැලපෙන හැඩයට තවුසාගෙන් වරම් ලබා ගත් බල්ලා අවසානයේ ඉල්ලා සිටියේ තවුසා මෙන් ගස් වැල් වලට උඩින් යන ආකාසයේ සෘද්ධි ප්‍රාතිහාර්ය පාන තවුසෙක් කරන ලෙසය. බල්ලා නැවත බල්ලෙකු කරන්නට තවුසාට සිදු වූයේ ඒ බලු හිත වෙනස් කරන්නට බැරි වූ නිසාමය.

තවුසා චන්ද කතිරය විදියටත් බල්ලා අවුරුදු පහකට බලය ඉල්ලන දේශපාලනය ලෙස සිතා ගත්තාට වරදක් නැත.

“යාදෙක නොරත සමග පෑසීමක් නැත” යැයි අප අසා ඇති පිරුළට දැන් මේ සන්ධානයේ කෙරුවාව ගැන සිතා “තක්කඩිකම එසේ නැත ඕනෑ තැනක පෑසෙත” යැයි තව පේලි දෙකක් එක් කරන්ටද පුළුවන.

ශ්‍රී.එ.පො.ස පක්ෂ සන්ධානය ගැන තව මොනවත්ම ලියන්නට ඕනෑ නැත. මෙවැනි
පජාත සංධානයක් ගැන ලියන්නට සිංහල හෝඩියේ අක්ෂර පවා මදි විය හැකිය.
ශ්‍රී.එ.පො.ස සන්ධානයේ උන්දැලා සිතා සිටින්නේ මෙරට පුරවැසියන් රට හරක් බවය. බොහෝ දේශපාලඥයන්ට වැරදී ඇත්⁣තේද ඒ සිතීමය. කෙසේ වෙතත් මෙවුන්දැලා ⁣අටවාගන්නා ලද මේ සන්ධානයේ පැටිකිරිය ගැන පද හතරේ කවියකින්ම ලියා අවසන් කිරීම වටී

ගසට කෙටුම ගස මුල පෑවුමෙන් දැනේ
හානා හීය පානා අඬ හැරෙන් දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ

නව සන්ධානයේ නැකැත් පත්‍ර අමුතුවෙන් බලන්නට වැඩක් නැත. පැටිකිරිය හොයන්නට ඔප්පු තිරප්පු හාරා අවුස්සා වෙහෙස වෙන්නටද ඕනෑ නැතිය. මේ පක්ෂ ඇටවුමේ නායක උන්දැලා පසුගිය ඡන්ද කා⁣ලයේ උන් උන් එකිනෙකාට එරෙහිව උන්ගේම කෙරුවාවල් ගැන සිදු කළ අපහාස උපහාස පරිහාස ගැන මතක් කර ගත්තා නම් හොඳටම සෑහේ.

බෝම සරළය. එච්චරය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුසපත් ඇද තෝරා ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා…

Next Post

ඖෂධ හිඟය උග්‍රයි…  පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි ප්‍රතිකාරයත් නිසි පරිදි කරගන්න විදිහක් නෑ… GMOA හෙළි කරයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.