සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරිරු ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත – සිරිධම්ම හිමි වහාම නිදහස් කළ යුතුයි – ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානය කියයි!

by editor
නොවැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ   අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු  ගල්වැව සිරිධම්ම හිමියන් දින 90කට අධික කාලයක් රඳවාගෙන සිටීම කිසිම ජාත්‍යාන්තර මානුෂීය නීතියකට එකඟ නොවන බවත් වහාම ඔවුන් නිදහස් කළ යුතු බවත් දන්වමින්    ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියා කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානය ලෙස ඇය පෙන්වා දෙන්නේ වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමියන් පමණක් නොව, සාධාරණ   නඩු විභාගයක් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් සහතික කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම පිළිබඳව  බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතු බවය.

ඇය නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය නායකයින්ට දිගින් දිගටම එල්ල වන හිංසනයන් සිවිල් සමාජයට සහ විරෝධතා දැක්වීමේ අයිතියට දැඩි බලපෑමක් ඇති කරයි. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහි පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු අතර රැඳවුම් නියෝගය දීර්ඝ කිරීම නැවැත්විය යුතුය. ”

“විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී චෝදනා භාවිතා කිරීම අධික හා අසමානුපාතික ය. නමුත් ශ්‍රී ලංකා බලධාරීන් විසින්  එම පනත නැවත නැවතත්   විවේචකයන්ට සහ සුළු ජාතීන්ට එරෙහිව විසම්මුතිය නිශ්ශබ්ද කිරීමට භාවිතා කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ශ්‍රී ලංකා  රාජ්‍ය පාර්ශවයක් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.  ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගි වන අයව අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතුය.”

“ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු අතර, එහි භාවිතය අවසන් කිරීමට දැනටමත් ප්‍රකාශ කර ඇති කැපවීම තහවුරු කළ යුතුය. සාධාරණ   නඩු විභාගයක් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් සහතික කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන සමාන චෝදනාවලට මුහුණ දෙන සියලුම විරෝධතාකරුවන් නිදහස් කළ යුතුය.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදුබඩ  දුම්රිය ගමන් සීමා වෙයි… දින 05ක් යනතුරු දුම්රිය ප්‍රමාදයි… ගමන් වාර අවලංගුයි!

Next Post

ණය පොලී අනුපාතය වැඩිවීමෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට ලැබෙන සහනය මහබැංකු අධිපති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.