රටේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ රුපියල් කෝටි 20කට අධික මුදලක් තිළිණි ප්‍රියමාලි ලඟ ආයෝජනය වී ඇතැයි මෙම දැවැන්ත මුදල් වංචාව පිළිබඳ විමර්ශනය කරන විමර්ශන ආරංචි මාර්ග පවසයි.
පිටරටක සිටින මෙම ජාවාරම්කරු තමන්ගේ ඒජන්තයෙක් ලවා මෙම මුදල් තිළිණි ප්‍රියමාලි ලඟ අයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.
ප්‍රියමාලිගේ මුදල වංචාව හෙළි වීමත් සමග අතාර්කික කරුණු ඉදිරිපත් කරමින් ඇය ලඟ තැන්පත් කළ මුදල් සම්බන්ධව ඇතැම් පැමිණිලි ඉදිරිපත් වී ඇති ආකාරය පිළිබඳව ද විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.







