සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු බාසික්ගේ අනවසර හෝටලයක් පොලිස් ආරක්ෂාව මැද වෙරළ සංරක්ෂණයෙන් බාගෙට කඩයි!

by editor
ජනවාරි 1, 2024
in පුවත්
basic
Share on FacebookShare on Twitter

දැනට ඩුබායිහි සිටින ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ සිරාන් බාසික් සිය බලය යොදාගෙන දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ  බව කියන  Soul beach හෝටලය වෙරළ සංකරක්ෂණ නිලධාරීන් විසින් පොලිස් ආරක්ෂාව සහිතව අද (01) පෙරවරුවේ  කඩා ඉවත් කිරීම ආරම්භ කළත් හෝටලයේ  කොටසක් පමණක් කඩා එම කටයුත්තට යෙදවූ බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ රැගෙන ස්ථානයෙන් ඉවත් වී තිබේ. 

ශිරාන් බාසික්ට අයත් යැයි සැක කරෙන මෙම අනවසර දේපළ ඉවත් කිරීම සඳහා  දෙහිවල ගල්කිස්ස පොලිස් ස්ථානවලට අයත් පොලිස් නිලධාරින් සහ කැරළි මර්ධන අංශද ගෙන්වා තිබිණි. මෙම ඉවත් කිරීමත් සිදුකරනු ලැබ තිබුණේ යුක්තිය මෙහෙයුමේ කොටසක් ලෙසට බව කියැවිනි.

අනතුරුව මෙම ඉදිකිරීම ඉවත් කිරීමට පොලිසියේ සහාය ඇතිව  වෙරළ සංරක්ෂණ නිලධාරීන් කටයුතු කරමින් සිටිය දී  හෝටලයේ කොටස් කරුවෙක් වූ මොහොමඩ් රිෆා නැමැත්තෙක් පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ මෙම දේපල ඉවත් කිරිම සදහා උසාවි නියෝගයක් පවතී ද යන්නය.

මොහොමඩ් රිෆා  මාධ්‍යයට මෙසේ කීවේය.

“අනවසර ඉදිකිරීමකට වෝටර් බෝඩ් ඇපෘවල් දෙනව ද?.  ත්‍රී පේස් ලයින් එක දෙනව ද?. අපි අවුරුදු දෙකක් මේක හදනකම් ඇයි වෙරළ සංරක්ෂණය බලාගෙන හිටියේ?.  අද උදේ කාටවත් කියන්නෙ නැතිව ඇවිත්  මේක බලෙන් කඩාගෙන යනවා. මේක කඩන්න උසාවි නියෝගයක් තියනව ද?. පොලිසියෙන් මොනවා හරි  චෝදනා කරනවා නම් ඒ චෝදනා ඔප්පු කරන්න කියන්න ඕන.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ තර්කයම මතුකරමින් ප්‍රශ්න කරද්දී  මෙම හෝටලයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගත්තේය. ඔහු විභාග ප්‍රශ්නපත්‍ර වංචාවක් සම්බන්ධව චෝදනා ලද ප්‍රසිද්ධ  උපකාරක පන්ති ගුරුවරයෙක් වූ සම්පත් අත්තටගේය.  ඔහු සමග තවත් පුද්ගලයින් තිදෙනෙක් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත  අත් අඩංගුවට පත් විය.

මේ ආකාරයේ විරෝධතා මතුවීමත් සමග ආරම්භ කළ  කාර්ය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පෙර බැකෝ යන්ත්‍ර එම ස්ථානයෙන් රැගෙන  වෙරළ සංරක්ෂණ නිලධාරීන් සහ ආරක්ෂාවට හිටි පොලිසිය ඉවත් වී තිබිණි.

Soul beach හෝටලයේ හිකරු බව කියන සිරාන්  බාසික් කවුද?

සිරාන් බාසික්  යනු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පැවරූ සියලුම නඩුවලින් නිදහස් වී රටින් පැනගෙන ඩුබායිවල සිට සිය මත්කුඩු ජාවාරම පවත්වාගෙන යන අපරාධකරුවෙකි.

මීට පෙර ඔහුගේ අතාර්කිකව වත්කම් ලෙස හඳුනා ගත් දේපල කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ මූල්‍ය කොට්ඨාසය විසින් තහනම් කර තිබිණි. මෙම හෝටලයත් අපරාධ මූල්‍ය කොට්ඨාසය විසින් තහනම් දේපලක් ලෙස නම් කිරීමට සූදානම්ව සිටි අවස්ථාවේ දී වෙරළ තීරයේ ඉදිකළ අනවසර ඉදිකිරීමක් ලෙස වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් නම් කර තිබිණි.  අද කඩා දැමීමට උත්සාහ කළේ එම ඉදිකිරීමය.

මින් පෙර සිරාන් බාසික්ට අයත් වැල්ලවත්තේ හෝටලයක් ද අපරාධ මූල්‍ය කොට්ඨාසය විසින් තහනම් කළේය. එමෙන්ම සිරාන්  බාසික්ගේ පුතා විසින් භාවිත කළ සුඛෝපභෝගී වාහන දෙකක් ද තහනම් කිරීමට කටයුතු කෙරිනි.

එසේ තිබිය දී  පසුගිය දා ප්‍රකාශයට පත් කර නොපැවැත්වුන ප්‍රාදේශීය සභා මැතරවරණයේ දී  දෙහිවල ගල්කිස්ස නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලද සිරාන් බාසික්ගේ පුතා අසීමිත    මුදල් ප්‍රමාණයක් වැය කරමින් ඡන්ද ව්‍යාපාරයක නිරත වූ බව බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොලිවුඩ් සුපිරි නලු විජේ යාපනයට එන බව අසා යාපනයේ ඉන්දීය සිනමා ලෝලීන්ට  පිස්සු හැදිලා!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලු   නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.