ගංවතුර හා නාය යාම් හේතුවෙන් විපතට පත් ජනතාව සදහා රජය ගෙනයන වැඩ පිළිවෙළට සහාය වෙමින් කුට්ටිගල පොලිස් ස්ථානය හා මහජන ආරක්ෂක කමිටුව එක්ව රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වියළි ආහාර හා ඖෂධ තොගයක් ඇඹිලිපිටිය නගර සභාවේ ස්ථාපිත රජයේ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ඊයේ ( 01 ) සවස පරිත්‍යාග කෙරුණි.
ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තුසිත කුමාර,සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්තගේ අධීක්ෂණය යටතේ කුට්ටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ ඇතුලු පොලිස් නිළධාරීන්ගේ හා මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්, ප්‍රදේශයේ ජනතාව හා ප්‍රදේශයේ සංඝරත්නයේ සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් මෙම වියළි ආහාර හා ඖෂධ තොගය පරිත්‍යාග කෙරුණි .
පරිත්‍යාග කෙරුණු වියළි ආහාර ඖෂධ තොගය එම අවස්තාවේදීම පාර්ලිමේන්තු මංත්‍රී උපුල් කිත්සිරෙගේ උපදෙස් පරිදි බදුල්ල පස්සර ප්‍රදේශයට හා රත්නපුර ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙත ලබාදීමට පිටත් කර යවන ලදි.







