ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉල්ලීම කරන ලද මිල වැඩිවීම සිදුවහොත් ලිට්‍රෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3600ක් වනු ඇත.
කිලෝග්‍රෑම් 12.5 ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් දැනට අලෙවි වන්නේ රු. 2,750 ක මිලකටය.
2021 ඔක්තෝම්බර් මාසයේදී එම ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1500 ට අඩුවෙන් අලෙවි විය. ඩොලරයේ අගය ඉහළ යෑමත් සමග ඉහත මිල වැඩිවීම සමාගම විසින් අපේක්ෂා කරන බව වාර්තා වේ.
ඩොලරයේ හිඟය හේතුවෙන් ගෑස් මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලු ඇති වූ බැවින් පසුගිය සති කිහිපය තුළ ගෑස් බෙදා හැරීම අඩාල විය. කෙසේ වෙතත් සමාගම ගෑස් බෙදා හැරීම ඊයේ (12) යළි ආරම්භ කළේය.
ණයවර ලිපි විවෘත කිරීමට අවසර දීමෙන් පසු සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ගෑස් සිලින්ඩර 200,000 ක් පමණ වෙළඳපොළට බෙදා දුන් බව ලිට්‍රෝ සමාගම පැවසීය.