දිනසේන රතුගමගේ
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන බලපෑම හා එම ධීවරයින්ගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රුපියල් 6000 ක් පමණ වටිනා සහන මල්ලක් උතුරේ ධීවරයින් වෙත ලබා දීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කොට තිබේ.
ඒ අනුව එම වැඩ පිළිවෙලේ පලමු අදියරය යටතේ යාපනයේ හා මන්නාරමේ ධීවරයින්ට සහන මල්ල පරිත්‍යාග කිරිමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කටයුතු යොදා තිබේ.
උතුරේ ධීවරයින්ට ලබා දීම සදහා සහන මලු 1000 ක් මේ වන විට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සකසා තිබේ.
මීට පෙර චීන සමාගම් කීපයක් උතුරේ ධීවර කටයුතු වල නිරත වූ අවස්ථා වලදී ඔවුන්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වූ අලාභයන් සැලකිල්ලට ගෙන රුපියල් 5000 ක් පමණ වටිනා සහන පැකේජයක් ප්‍රදානය කොට තිබුණි.