දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය ආනෙයිවිලුන්දකුලම් යුද හමුදා කඳවුරේ ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ තරුණයින් තුන් දෙනෙකු අක්කරයන්කුලම් පොලීසිය විසින් ඊයේ (12) අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා කණ්ඩායමක් ගමන් කරමින් සිටි එම ජීප් රථයට යතුරු පැදි වලින් හඹා ආ තරුණයින් පිරිසක් ගල් වලින් පහර දී පලා ගොස් තිබේ.
මේ ප්‍රහාරවලින් හමුදා සාමාජිකයින්ට කිසිදු හානියක් සිදු වී නොමැති අතර ජීප් රථයට සුළු හානි සිදුව තිබේ.
මේ පිළිබඳව කිළිනොච්චිය ආනෙයිවිලුන්දකුලම් යුද හමුදා කදවුරේ අණ දෙන නිලධාරීවරයා අක්කරයන්කුලම් පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව පොලිසිය කළ විමර්ශනයකින් ජීප් රථයට පහර දුන් තරුණයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඔවුන් සියළු දෙනාම සාදයකට ගොස් අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවත් සිදු වූ කිසිදු දෙයක් ඔවුන්ට මතක නැති බවත්ය.
සැකකරුවන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.