අද( 27) පස්වරු 05ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කිරිපිටි, තිරිගුපිටි, ගෑස් සහ සිමෙන්ති මිළ සම්බන්ධව අවසන් තීන්දුවකට එළඹෙනු ඇතැයි වාර්තා වේ.
අදාල භාණ්ඩවල මිල වැඩි කරන්නේ ද, සහන ලබා දෙන්නේ ද, නැතිනම් බදු ඉවත් කරන්නේ ද යන්න පිළිබඳ මෙම සාකච්ඡාවේ දී තීරණය කරනු ඇතැයි පැවසේ.
ආනයනික කිරපිටි කිලෝවක මිල රුපියල් 200කින් ද, තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින් ද, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් ද මිල වැඩි කිරීම පිළිබඳ යෝජනා පාරිභෝගික අධිකාරියේ මිල කමිටුව විසින් පසුගිය දා රැස් වූ ජීවන වියදම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබිණි.
ගෑස් මිල රුපියල් 550කින් වැඩි කිරීමට ද ජීවන විදයම් කමිටුව නිර්දේශ තිබිණි.
මෙම නිර්දේශ පිළිබඳ අවසන් තීන්දුව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දීමට නියමිය.







