කින්නියා ප්‍රදේශයේ අද පෙරවරුවේ පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ කින්නියා හි පිහිටි නිවසට ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් නිවසේ ප්‍රධාන දොරටුව කැඩී ඇත. ජනෙල් දොරවල්වලට ද හානි වී තිබේ. දිගු කාලයක් පුරා කුරුඤ්ඤංකේණි පාලම ප්‍රතිසංස්කරණය කරදෙන මෙන් කළ කළ ඉල්ලීම් නොසලකා හැරීම නිසා මෙම ඛේදවාචකය සිදු වූ බව ප්‍රදේශවාසීහු කීහ.
පාලම් පාරුව පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති මෘත දේහය මහදේහ මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි.
ප්‍රදේශවාසීන් ප්‍රකෝප වී ඇත්තේ මෙම මියයාම් ගියේ ගිලීමකින් සිදු වූ බවට සියලු සාක්ෂි තිබියදී පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට ගත් තීරණය හේතුවෙනි.
කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.
.