බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැළණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය මඟින් ඉදිරිපත් කරන ලද, සමුද්‍රීය සංරක්ෂණය සඳහා වන තරුණයන්ගේ එක් වීමේ ව්‍යාපෘතිය, Wavez 2025

by Lankasara News
අගෝස්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කැළණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය මගින් සංවිධානය කරන ලද Wavez 2025 නම් තරුණයන්ගේ පාරිසරික මුලපිරීම ශ්‍රී ලාංකික සහ ලොව නන්දෙසින් පැමිණි උද්‍යෝගිමත් නව යෞවනයන් 160 දෙනෙකුට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් මේ මස විසි වන ඉරිදා දින වැල්ලවත්ත වෙරළ තීරය කේන්ද්‍ර කොටගෙන ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි.

මෙලෙස වෙරළ වෙත පිවිසීමෙන් පසු, Wavez 2025 හා එක්වූවන් සියල්ල, මෙම වැඩසටහනේ නිළ හවුල්කාර පාර්ශවයක් වන The Pearl Protectors විසින් මෙහෙයවන ලද අවබෝධතා සැසි කිහිපයකට සහභාගී කරවීම සිදුවිය. එහිදී වෙරළ පිරිසිදු කිරීම නිවැරදි හා ආරක්ෂිත ලෙස සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන්ව පුළුල් ලෙස දැනුවත් කිරීම සිදු විය.

Wavez 2025 වැඩසටහන ප්‍රධාන වශයෙන් අධියර දෙකක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි පළමු වන අධියර ලෙස අවබෝධතා පා ගමනත් දෙවන අධියර ලෙස වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනත් ක්‍රියාත්මක විය.

අවබෝධතා පා ගමන ආරම්භ කිරීමට පෙර, මාධ්‍යවේදී සහ දේශගුණ ක්‍රියාකාරිණියක් වන සුභාෂි ටානියා ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක දේශනය මඟින් පැමිණ සිටි සියලු දෙනා හට මහත් වූ ආදර්ශයක් සැපයූ අතර, තරුණ නායකත්වය හා ජනතා සක්‍රීයතාවය දේශගුණ ක්‍රියාකාරකම් වලදී අත්‍යවශ්‍ය වන බවද අවධාරණය කරන ලදි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම අවබෝධතා පා ගමන එදින පෙරවරු 9.00ට කොළඹ 04, ශාන්ත පීතර විදුහල ආසන්නයෙන් ආරම්භ වී ගාලු පාර සහ Marine Drive ඔස්සේ ගමන් කර වැල්ලවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ දී වෙරළ තීරයට පිවිසීමත් සමග අවසන් විය. මෙම පා ගමනට AIESEC සංවිධානයේ සාමාජිකයින්, ජාත්‍යන්තර සහභාගීකරුවන්, විශ්වවිද්‍යාල සමිති/සමාගම් වල සාමාජිකයන්, ආයතනික සහභාගීකරුවන් හා සාමාන්‍ය ජනයාද එක් වීම විශේෂත්වයකි.

මෙම සමස්ත වැඩසටහ තවදුරටත් විනෝදවත් හා අර්ථවත් කිරීමට, තවත් නිළ හවුල්කාර පාර්ශවයක් වන The Climate Intelligence Network සංවිධානය විසින් ඉදිරිපත් කරනලද #TrackTheTrash Challenge අභියෝගය, මීට එක්වූ සහභාහීකරුවන් එකතු කළ අපද්‍රව්‍ය විග්‍රහ කර, තවදුරටත් තොරතුරු එකතු කිරීමටත් සමාජ මාධ්‍ය මගින් තොරතුරු බෙදා හදා හැරීමටත් මඟ පෙන්විය.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන වෙනුවෙන්, Wavez 2025 හි නිළ හවුල්කාර පාර්ශවයක් වන Parley for the Oceans සංවිධානය විසින් නැවත භාවිතා කළ හැකි අත්වැසුම් සහ කසල එකතු කිරීමේ මලු ලබාදීම විශේෂයෙන් සඳහන් කල යුතුවේ. එමඟින් තාවකාලික, එක්වරක් පමණක් යොදාගත හැකි උපකරණ භාවිතා කිරීම අවම කිරීම පිළිබඳ වගවීමේ ක්‍රමවේදයක් නිර්මාණය කළේය.

මෙහිදී අනපේක්ෂිත කාලගුණික බලපෑම් හමුවේ වුවද මීට සහභාගී වූ තරුණ පිරිසේ උද්‍යාමය සහ උනන්දුව අඩු නොවීයි. ඒ අනුව වැල්ලවත්ත වෙරළ තීරයේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක පරිසරික දූෂක කාරකයන් පිරිසිදු කරමින්, එකතුවූ අපද්‍රව්‍ය ප්‍රමාණය දෙස බලන විට, වර්තමානයේ පාරිසරික දූෂණයේ තීව්‍රතාවය පෙන්නුම් කිරීමටත්, එය වළක්වා ගැනීම සඳහා එක්ව සිදු කරන පිළියම් යෙදීමෙහි සැලකියයුතු බලපෑම පෙන්නුම් කිරීමටත් මෙම වැඩසටහන මහත් සේ උපකාර විය.

මෙලෙස එකතු කළ සියලුම අපද්‍රව්‍ය වැඩසටහන අවසානයේ මෙම ක්‍රියාන්විතයේ නිල ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු Neptune Recyclers සමාගම වෙත යොමු කිරීම සිදුවූ අතර එහි මුළු එකතුව කිලෝග්‍රෑම් 161.3 ලෙස වාර්ථා වී ඇත.

මීට අමතරව මෙම වැඩසටහනේ විශේෂ අරාධිතයන් ලෙස Miss Sri Lanka Earth 2022 උදානි සේනානායක මෙනවිය, Miss Earth Water Sri Lanka 2024 තුෂානි විදුරංගි මෙනවිය සහ ප්‍රසිද්ධ කථික සහ Stand-up Comedian ඇන්ඩර්සන් මයා වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් Wavez 2025 වැඩසටහන වෙත සහය දැක්වීමෙන් වැඩි ජන අවධානයක් ලැබුණි.

මෙම වැඩසටහන වෙත Alliance Finance Company PLC, Aroma Bliss Ceylon, සහ Freelan Enterprises (Pvt) Ltd යන ආයතනවල අනුග්‍රාහකත්වය ලැබීම හේතුවෙන් Wavez 2025 වැඩසටහනෙහි පණිවිඩය පුළුල් වශයෙන් ජනතාව වෙත ගෙනයාමටද හැකියාව ලැබිණි.

මෙලෙස මෙම පාරිසරික සුරක්ෂිතභාවය ගොඩනැගීම වෙනුවෙන් Wavez 2025 හා එක්වූවන් සියල්ල නව දැනුමකින්, අරමුණකින් සහ පාරිසරික ආරක්ෂාව සඳහා වඩාත් ගැඹුරු වගකීමකින් යුතුව සමාජය වෙත බැහැර කිරීම මෙහි මූලික අරමුණ විය. එම අරමුණ සාක්ශාත් කරමින්, Wavez 2025 සමාජ ක්‍රියාකාරී වැඩසටහන අවසානයේ තවදුරටත් අවධාරණය කරන ලද්දේ නැවත නැවතත් ස්වභාවදර්මය අපවිත්‍ර කිරීමට දරන සෑම උත්සයක්ම, අවබෝධයෙන් යුතු, නායකත්වයෙන් යුතු තරුණ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ව්‍යර්ථ වන බවයි.

 

Share69Tweet43
Previous Post

යෞවන සමාජවල විධායක තනතුරු තෝරන්නේ නිදහස් ඡන්දයකින්… විපක්ෂ නායකගේ දීර්ඝ චෝදනා පත්‍රය රජය ප්‍රතික්ෂේප කරයි!

Next Post

සෙවනග පැලවත්ත ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව දිරිමත් කළාට ස්තුතියි… දැන් වෙන අරගල භූමියක් සොයා ගන්න… හඳුන්නෙත්ති විපක්ෂයට කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.