කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරයේ සිටි සිසුවකු පෙරේදා (24) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මිය යෑමේ සිද්ධිය සම්බන්දව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය වගකිව යුතු බවට ශිෂ්‍යයන් අතරින් මතුවූ දැඩි චෝදනාව මත සිද්ධිය සම්බන්ධව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට විශ්විවිද්‍යාල උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා තීරණය කර තිබේ.
සිද්ධියෙන් මියගොස් තිබුණේ කලා පීඨයේ භූගෝල අධ්‍යානාංශයෙන් අධ්‍යාපනය හදාරා උපාධි ප්‍රදානෝත්සවයට සුදානම් වෙමින් සිටි මොණරාගල, කරමැටිය, බෝගහපැලැස්ස, බඩල්කුඹුර ලිපිනයේ පදිංචි එච්.එම්. නිරෝෂණ ලක්මාල් නැමැති සිසුවෙකි.
මිය ගිය නිරෝෂණ ශිෂ්‍යයාට පසුගිය ඉරිදා රාත්‍රී 10.00ට පමණ හදිසියේම මීමැස්මොර රෝගය සෑදී ක්ලාන්ත වීම හේතුවෙන් අනෙක් සිසුන් නේවාසිකාගාරයේ පරිපාලන නිලධාරියාව දුරකතන ඇමතුමකින් දැනුම්වත් කර වාහනයක් හෝ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට උත්සාහ කළද එම අවස්ථාවේදී ඔහු දුරකතනයට පිළිතුරු නොදීම නිසා උත්සහය අසාර්ථක වී තිබේ.
පසුව සිසුන්, රෝගියා ත්‍රිරෝද රථයක නංවාගෙන කිරිබත්ගොඩ රෝහලට රැගෙන යන අතරතුරදී විශ්වවිද්‍යාලයෙන් එවූ වෑන් රථයට අතරමගදී රෝගි සිසුවා නංවාගෙන ඇත.
රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටද ශිෂ්‍යයා මියගොස් ඇති බවයි. එමෙන්ම මෙම රෝගියා කඩිනමින් රෝහල් ගත කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බව ද වෛද්‍යවරයා පෙන්වාදී ඇත.
සිසුවාගේ මරණයට විශ්වවිද්‍යාල පරිපාලනය වගකිවයුතු බව පවසමින් මේ අතර ඊයේ (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාල සිසුහු එහි ප්‍රධාන දොරටු වසා දමා ඒ ඉදිරිපිට වාඩි වී විරෝධතාවක නිරත වූහ. විශ්වවිද්‍යාල ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් විශ්වවිද්‍යාලය තුළට යා නොහැකිව මහාමාර්ගයේ රැඳී සිටිනු දක්නට ලැබිණි.
සිද්ධිය සම්බන්ධව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බව විශ්විවිද්‍යාල උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා විසින් සිසුන්ට දැනුම් දීමත් සමග විරෝධතාව අවසන් කිරීමට සිසුන් කටයුතු කර ඇත.
මින් පෙර පසුගිය 21 දා ද කැලණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුවියක් රෝගීව මිය ගියාය. එසේ මිය ගොස් තිබුණේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදරාමින් සිටි මහියංගනය, දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. ලක්මිණි. ඉනෝකා දිසානායක නැමැති සිසුවියකි. – දිනමිණ