අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලණිය සරසවි සිසුවා මිය ගියේ පාලන අධිකාරියේ වරදින්… සිසුන්ගේ චෝදනාව ගැන විමසන්න උප කුලපතිනියගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්!

by editor
මාර්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරයේ සිටි සිසුවකු පෙරේදා (24) රාත්‍රියේ  හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී  මිය යෑමේ සිද්ධිය සම්බන්දව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය වගකිව යුතු බවට ශිෂ්‍යයන් අතරින් මතුවූ දැඩි චෝදනාව මත  සිද්ධිය සම්බන්ධව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා  ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට     විශ්විවිද්‍යාල උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා තීරණය කර තිබේ.

සිද්ධියෙන්   මියගොස් තිබුණේ කලා පීඨයේ    භූගෝල අධ්‍යානාංශයෙන් අධ්‍යාපනය හදාරා උපාධි ප්‍රදානෝත්සවයට සුදානම් වෙමින් සිටි මොණරාගල, කරමැටිය, බෝගහපැලැස්ස, බඩල්කුඹුර ලිපිනයේ පදිංචි එච්.එම්. නිරෝෂණ ලක්මාල් නැමැති සිසුවෙකි.

මිය ගිය නිරෝෂණ ශිෂ්‍යයාට පසුගිය ඉරිදා රාත්‍රී 10.00ට පමණ හදිසියේම මීමැස්මොර රෝගය සෑදී ක්ලාන්ත වීම හේතුවෙන් අනෙක් සිසුන් නේවාසිකාගාරයේ පරිපාලන නිලධාරියාව දුරකතන ඇමතුමකින් දැනුම්වත් කර වාහනයක් හෝ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට උත්සාහ කළද එම අවස්ථාවේදී ඔහු දුරකතනයට පිළිතුරු නොදීම නිසා උත්සහය අසාර්ථක වී තිබේ.

පසුව සිසුන්, රෝගියා ත්‍රිරෝද රථයක නංවාගෙන කිරිබත්ගොඩ රෝහලට රැගෙන යන අතරතුරදී විශ්වවිද්‍යාලයෙන් එවූ වෑන් රථයට අතරමගදී රෝගි සිසුවා නංවාගෙන ඇත.

රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටද ශිෂ්‍යයා මියගොස් ඇති බවයි. එමෙන්ම මෙම රෝගියා කඩිනමින් රෝහල් ගත කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බව ද වෛද්‍යවරයා පෙන්වාදී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිසුවාගේ මරණයට විශ්වවිද්‍යාල පරිපාලනය වගකිවයුතු බව පවසමින් මේ අතර ඊයේ (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාල සිසුහු එහි ප්‍රධාන දොරටු වසා දමා ඒ ඉදිරිපිට වාඩි වී විරෝධතාවක නිරත වූහ. විශ්වවිද්‍යාල ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් විශ්වවිද්‍යාලය තුළට යා නොහැකිව මහාමාර්ගයේ රැඳී සිටිනු දක්නට ලැබිණි.

සිද්ධිය සම්බන්ධව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා  ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බව   විශ්විවිද්‍යාල උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා විසින් සිසුන්ට දැනුම් දීමත් සමග   විරෝධතාව අවසන් කිරීමට සිසුන් කටයුතු කර ඇත.

මින් පෙර පසුගිය 21 දා ද කැලණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුවියක් රෝගීව මිය ගියාය. එසේ මිය ගොස් තිබුණේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදරාමින් සිටි මහියංගනය, දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. ලක්මිණි. ඉනෝකා දිසානායක නැමැති සිසුවියකි.  – දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 45ක් වටිනා ජීවී සතුන් තොගයක් තායිලන්තයේ සිට නීති විරෝධීව රට තුළට ගේන්න හැදූ ව්‍යාපාරික යුවලක් රේගු අත් අඩංගුවට…

Next Post

සිංහල අවුරුද්දට කුණු ජාරාව කවන්න හදන සූදානම ගැන පාරිභෝගික සේවා අධිකාරිය කලින්ම කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.