මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට් මණඩලය අද පත් කෙරිනි.
කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණු විට තව ඉන්නේ එක් සාමාජිකයෙකි. සමස්ථ අමාත්‍යවරු තිදෙනෙකි. ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවට පාර්ලිමේන්තුවට මැතිවරණ කොමිසම මගින් නම් කර සිටි ලක්ෂ්මන් නිපුනආරච්චි පාර්ලිමේන්තුව සභාවරයකදී කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී නොමැති බැවින් ව්‍යවස්ථානුකූලව ඔහුට ඇමතිකම් දැරීමට නොහැකි වූයේය.
ඒ අනුව අද පත් කරනු ලැබූ කැබිනට් මණඩලය මෙසේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක
01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
විජිත හේරත්
10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්








