අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ ලොකුම ලොතරැයි ත්‍යාගය වූ ඩොලර් මිලියන 35ක්  දිනාගත් ශ්‍රී ලාංකික ජේයි ජයසිංහ කියූ කතාව!

by editor
ජූනි 23, 2023
in පුවත්
Lankan-Canada-Lottery
Share on FacebookShare on Twitter

පසුගිය ජූනි මසහ 06 වැනි දින Ontario Lottery and Gaming Corporation (OLG)   දින දිනුම් අදින ලද Lotto Max ලොතරැයියේ   ඉහළම ත්‍යාග මුදල වූ ඩොලර් මිලියන 35ක් දිනා ගැනිමට    ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජේයි ජයසිංහ සමත් වී තිබේ.

වින්ඩ්සර් හි පදිංචි ජේයි  ජයසිංහ සාමාන්‍ය කම්කරු වෘත්තියක නිරත වෙමින් සිය දියණියට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් බලාපොරොත්තු සහිතව කැප වුන පියෙකි. විශේෂත්වය වන්නේ මෙම ජයග්‍රහණය ඔහුට ලැබී තිබුණේ     සිය දියණියගේ විශ්වවිද්‍යාල උපාධිය හිමි කරගෙන හරියටම සතියකට පසුවය.

ඔහු මේ ජයග්‍රහණය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හැඟීම්බර ප්‍රකාශයක් සිදුකර තිබිණි.

“ජූනි 6 දිනුම් ඇදීමෙන් පසු දින මාත් මගේ බිරියත් දැනගත්තා ජයග්‍රාහී ලොතරැයි ටිකට් පත    වින්ඩ්සර් හි විකුණා ඇති බව. මට එක තත්ත්පරයකදි හිතුනා ඒක මගේ ටිකට් එක වෙන්න ඇති කියලා.  ඒත් මම ඒ අවස්ථාවේ ඒක මනසින් ඉවත් කළා.”

ටිකට් පරීක්ෂා කරන්න ගිය මට ත්‍යාග මුදල තිරයේ දිස්වූ විට අදහා ගන්න බැරි වුනා. මං නැවත නැවතත් ටිකට් පත ස්කෑන් කරමින් මගේ ජයග්‍රහණයට හිමි ත්‍යාගයේ බිංදු ගණන ගණන් කළා.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඇත්තටම මට එය සැබෑවක් බව දැනුනෙ නෑ. මගේ හදවත ගැහෙන්න ගත්තා.  මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යන්න උනා.    ඒ මොහොතෙන් පසු ගත වූ වෙලාව මට මතක නැති තරම්.”

“මං හිටියේ තිගැස්සිලා. මේ සුබ ආරංචිය බිරිඳට කියන්න මට ඕන උනා.  මම ගිහින් ඇයව බලන්න ගියා. කාර් එකෙන් බැහැලා මං ඇයව බදා ගත්තා. අප අවට සිදුවෙන කිසි දෙයක් ගැන අපට අවබෝධයක් තිබුණෙ නෑ. අපි මේ ලෝකෙ ඉන්නවා වගේ දැනුනෙ නෑ.  එයයි මමයි  ඇවිත් නිවසේ ගබඩාවට ගිහින්   ත්‍යාග මුදල පිලිබඳ අපේ හිමිකම ලොතරැයි ආයතනයට ප්‍රකාශ කළා.”  ඔහු කියා තිබිණි.

දැන් ජයසිංහ සතුව මහා සැලසුම් ගොඩකි. ඔහු කම්කරු වෘත්තියෙන් සපයා ගත නොහැකි වූ තමන්ගේම නව නිවසක්, නව වාහනයක්, සංචාරය සඳහා අවස්ථාවක් සහ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල වියදම් කිරීමට සැලසුම් කර තිබේ.

“මම මාර්ග චාරිකා වලට කැමතියි. මට සෑම විටම අවශ්‍ය වූයේ රට ගවේෂණය කිරීමට, රොකීස් කඳු පන්තා දැකීමට සහ කැනඩාවේ ස්වභාවික සුන්දරත්වය වින්දනය කිරීමටයි. මට මගේ  පවුලේ අය බලන්න ඕන. අපට උදව් කිරීමට අවශ්‍ය විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් ඉන්නවා. මෙම ජයග්‍රහණයෙන් කොටසක් මගේ හදවතට සමීප පුණ්‍යායතන සඳහා යවන්න මං සූදානම්.”

“මගේ අනාගතය ගොඩනගා ගැනීමට කැනඩාවට පැමිණීමට හැකිවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ තීරණය මගේ ජීවිතය වෙනස් කරන බව මම දැන සිටියත් මේ වගේ වාසනාවක් මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ සිහිනවලට දැන් සීමාවන් නැහැ.” ඔහු කීවේය.

ටොරොන්ටෝ හි OLG   ත්‍යාග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ජයසිංහ පැවසුවේ මෙසේය. “මගේ අවස්ථාව ලැබෙනු ඇතැයි මම නිතරම බලාපොරොත්තු වුනා . මගේ දුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා හරියටම සතියකට  මම මේ   ත්‍යාගය දිනා ගත්තා – එය ජයග්‍රහණ දෙකක් ලෙස දැනුණා.”

ජේයි ජයසිංහ ගේ සිහින සැබෑ වී ඇත. එය විශ්මය දනවන සිහිනයක සැබෑ වීමකි. එහෙත් ජයසිංහ කියන කතාවක් තිබේ.

“අපේ සිහිනවල සීමාවක් නෑ…”

සිහිනවලට සීමාවක් නැත. සිහින සැබෑ කරගන්න සිහින දැකිය යුතුය.  ජේයි ජයසිංහ කියන්නේ ඒ කතාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ණය හිමියන් සහ ණය ගැතියන් අතර තිබිය යුතු උසස් ගනුදෙනුවක් ගැන ජනපති ලෝකයට කියයි!

Next Post

දුම්රියෙන් බැස ගෙදර එමින් සිටි නිතිඥවරියට හමුදා සෙබල පරණ පෙම්වතාගෙන් පිහි පහර!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.