කාෂ්මීරයේ දේශපාලඥයින් විසින් එම කළාපය මේවන විට අත්පත් කරගෙන ඇති ආර්ථික සහ සමාජීය ප්‍රගතිය ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්වා දීමට පසුගියදා පියවරගෙන තිබිණි.
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රජාතාන්ත්‍රික බලගැන්වීමට අදාල සමුළුවකට එක්වෙමින් කාෂ්මීර නියෝජනය කරනු ලැබ තිබූ අතර එහිදී කාන්තා සමාන්තමතාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡාවට බදුන්ව තිබ ඇත. මෙහිදී කාෂ්මීරය නියෝජනය කළ පිරිස් විසින් දීර්ඝ කරණු දැක්වීමක් කර ඇති බවට මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.
මෙහිදී බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජව තුල කාෂ්මීර සම්බන්ධයෙන් නැගී ඇති චිත්‍රය වෙනස් කිරීමට මෙම පිරිස පියවර ගෙන ඇත. එහිදී බහුතරයක් දෙනා ගෝලීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කළ හැකි බලවතුන් දෙදෙනෙකු අතර අතර ඇතිවිය හැකි ගැටුම් සම්බන්ධයෙන් ඇදී තිබූ චිත්‍රය වෙනස් කිරීමට සමත්ව ඇත.
ඒ අනුව පසුගිය වසර කීපය තුල කාෂ්මීය තුල ඇති වූ ආර්ථික සහ සමාජීය ප්‍රගමණය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. මෙහිදී කාෂ්මීරය නියෝජය කළ සෆීනා බායිග් පෙන්වා දී ඇත්තේ මීට දශක කීපකට පෙර ත්‍රස්ත බලපෑම් වලිට බලපෑම් වලට ලක්ව තිබූ කාෂ්මීරය තුල අදවන විට එවැනි තත්ත්වයක් නොමැති බවයි.
ඉන්දීය රජය විසින් පසුගිය කාලය තුල කාෂ්මීරය තුලට වැඩි අයෝජනයන් ගලා ඒමට අවකාශය සලසා දී තිබිණි. ඒ අනුව කාෂ්මීරය තුල වෙනත් පාර්ශවයන්ට ඉඩම් අත්පත් කරගැනීමට අවස්තාව අහිමි කර තිබූ නීති වෙනස් කිරීමටද මෝදි අග්‍රාමත්‍යවරයා පියවර ගෙන තිබිණි.
මෙම තීරණයත් සමඟ කාෂ්මීරය තුන නව රැකියා අවස්ථා උදාවීම මගින් තරුණ ප්‍රජාවට අභිමානවත් ජීවන තත්ත්වයක් ගත කිරීමට අවස්ථාව හිමිවිය.







