කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය තුළ කාන්තාවක් වෙඩි වැදී මිය යෑම සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික් සජබ ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචි මෙම 38 හැවිරිදි කාන්තාව ආසන සංවිධායකවරයා විසින් අද උදෑසන ඇයගේ නිවසට ගොස් කාර්යාලයට කැඳවාගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඇය දීර්ඝ කාලයක් තිස්සේ මෙම කාර්යාලයේ සේවය කළ සේවිකාවක වූවාය. කෙසේ වෙතත් අද උදේ කාර්යාලයට කැඳවාගෙන පැමිණි ඇයගේ වෙඩි වැදුණ සිරුර කාර්යාලයේ පිටුපස කාමරයේ ඇඳක් මත තිබිය දී සොයාගෙන තිබිණි.
මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.








