ලලිත් චාමින්ද –
කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හා වාර්තමානයේ වෙළදපොළ තුළ පවතින කාබනික ආහාරවල ගුණාත්මක තත්වය පිළිබඳ පර්යේෂණ 2017 වර්ෂයේ සිටම සිදුකර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කාබනික කෘෂිකර්මාන්තය සඳහා අවධානය යොමුකිරිමේ වැදගත්කම හඳුනාගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එම කේෂ්ත්‍රයේ පර්යේෂණ වැඩි කළයුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර 07ක් මෙරට පවතින පර්යේෂණ ආයතන වෙත හඳුන්වා දී තිබු බව ද ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම විදේශ පශ්චාත් උපාධි සඳහා යොමුකිරිමේ වැඩසටහන යටතේ පුහුණුව ලබන පර්යේෂකයින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනට මුහුණදෙන හෝ ඉදිරියේ දි මුහුණදිය හැකි ගැටලු හා ප්‍රශ්න පිළිබඳ අවධානය යොමුකරමින් තම පර්යේෂණ මාතෘකා තෝරාගතයුතු බව කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් දක්වා තිබුණි.
එහෙත් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිදියුණු කළයුතු යැයි හඳුනාගෙන ඇති කෘෂිකාර්මික යාන්ත්‍රිකරණ කාබනික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධිය සඳහා තෝරාගෙන තිබු නිලධාරින් සංඛ්‍යාව ඉතා පහල මට්ටමක පැවතුණි.
මෙම තත්වය වැඩිදියුණු කිරිම සඳහා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් සැලසුම්සහගත ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.







