ලලිත් චාමින්ද –
කාන්තාවක් විසින් මාගාල්ල, මැද්දවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඊයේ (05) රාත්රි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
මාගාල්ල, මැද්දවත්ත ප්රදේශයේ නිවසක් තුළ මෙකි බුරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇත. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මේෂාන් ද සිල්වාට ලද තොරතුරකට අනුව මෙකි බුරුවා පිටිය වටලන අවස්ථාවේ කාන්තාවන් පිරිමි පුද්ගලයින් එක්ව මුදලට බුරුවා ගසමින් සිටි බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් මාගාල්ල මැද්දවත්ත හා ඒ අවට ප්රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 20, 22, හා 40 වැනි වයස් කාණ්ඩවල පසුවන අයවෙති. මොවුන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේ දි මොවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරණ බව පොලිසිය පවසයි.
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මේෂාන් ද සිල්වාගේ උපදෙස් මත උ පො ප ගාමිණි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙකි වැටලිම සිදුකරණු ලැබිය.







