ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර පා පන්දු සම්මේලයන (FIFA ) අද (22) නිවේදනය කළේය.
2023 ජනවාරි 21 වන දින ජාත්‍යාන්තර පාපන්දු සම්මේලන කවුන්සිලයේ කාර්යාංශය විසින් ගනු ලැබූ තීන්දුවක් ප්‍රකාරව එම සම්මේලන ප්‍රඥප්තියේ 16 වන වගන්තියට අනුව මෙසේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවා ඇති බවට වූ තීන්දුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත ලිඛිතව දන්වා ඇත.
පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.
ජාත්‍යාන්තර පා පන්දු සම්මේලනය විසින් පනවා ඇති මෙම තහනම ඉවත් කරන තෙක් ශ්‍රි ලංකාවට තවදුරටත් කිසිම ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අයිතියක් නැත.