ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන කළු සතිය හෙට (23) දිවයිනපුරා රෝහල්වල ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඖෂධ හිඟයට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා සහ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පලකරමින් මෙම කළු සතිය ආරම්භ කරන බව සංගමයේ මාධ්‍යප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය
සියලුම රෝහල්වල කළු කොඩි ඔසවන අතර සියලුම් වෛද්‍යවරු කළු පටි බැද සේවයට වාර්තා කරන බවත් එදින මහජන පෙත්සමක් අත්සන් කිරිම කොළඹ ජාතික රෝහලින් ආරම්බ කරන බවද වෛද්‍ය චමිල් සඳහන් කළේය.
කළු විරෝධතා සතිය තුළ රජය විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් දැඩි තීන්දු තීරණයන් ගැනීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.
මෙම දැඩි තීන්දු තීරණයන් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වුවද පැතිරිය හැකි බව හෙතෙම අවධාරණය කළේය.