ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන ගමන නිමා කළේය. අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමෙන් අනතුරුව කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියේය.
කණ්ඩායම අද අලුයම 1.45ට දිවයිනට පැමිණියහ. නිවෙස් වෙත 4.30 ට ලඟා වූහ. යළි පෙරවරු 8.00ට පුහුණුවීම් සඳහා එස්.එස්.සී ක්‍රීඩාංගනය වෙත වාර්තා කළහ. ඒ නිශ්චිත පුහුණුවීම් සැසි සඳහාය.
කණ්ඩායමේ නායක දසුන් ශානක ද පිටියට වාර්තා කර තිබිණි. එහෙත් මැච් බන්නට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායමක් තවමත් ඩුබායිවලය. තවත් කණ්ඩායමක් අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය නැරඹීමට ගුවන්ගත වන්නට සූදානමින් සිටින බවත් වාර්තා වේ.








