හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කරන ලද චෝදනාවේ සත්‍යය අසත්‍යභාවය සොයා ඊට එරෙහිව නෛතික පියවර ගැනීම කෙරෙහි නිතිපති දෙපාර්තමේනතුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට ප්‍රසිද්ධියේ චෝදනා කළ ඔහු ඊට තමා සතුව සාක්ෂි පවතින බවට ප්‍රකාශ කළත් ඔහු මේ සම්බන්ධයෙන් පැවත්වෙන විමර්ශනවලදී ඉදිරිපත් කර ඇත්තේ එකම ලිපියක් බවත් එම ලිපිය එකල යැවූ එකක් ද නැතිනම් ව්‍යාජව සකස් කළ එකක්ද යන්න පිළිබඳව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සියුම් විමර්ශනයක් සිදු කෙරෙමින් පවති බවත් වාර්තා වේ.
අමාත්‍යවරයා විසින් නගන ලද අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුව පොලිස් පරීක්ෂණවලට යොමු කොට ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මස දිනයක් සඳහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක හරූන් ලෝගාට් වෙත යවන ලද ලිපියකි. එසේ වුවද ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස එවැනි ලිපියක් ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලැබී නොමැති බව පරීක්ෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද විමසා බැලීම්වලින් පසුව සඳහන් කර තිබුණි.
එසේම අමත්‍යංශ මට්ටමින් යැවූ මෙම ලිපියේ කිසිදු යොමු අංකයක් සටහන් වී නොමැති අතර එය හිටපු අමාත්‍යවරයා විසින් නගන ලද චෝදනාවලින් ගැලවීමට සහ විමර්ශනවලට මුහණ දීමේ අරමුණින් ව්‍යාජව සැකසූ එකක් ද නැතිනම් සත්‍ය වශයෙන්ම යවන ලද ලිපියක්ද යන්න පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය හවුල් කරගෙන විමර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේනතුව කටයුතු කරයි.
යම් හෙයකින් ඔහු අමාත්‍යවරයා ලෙස එවැනි ලිපියක් යැව්වේ නම් එහි පිටපත් අනිවාර්යයෙන්ම ක්‍රිඩා අමාත්‍යංශය තුළ සංරක්ෂණය වී පැවතිය යුතු බැවන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය හරහා අදාළ තොරතුරු ලබා ගැනීමට කටයුතු කර අති බව වාර්තා වේ.
මහින්දානන්ද අලුත්ගමගේ විසින් නගන ලද චෝදනාව පැහැදිළි සාක්ෂි සහිත ව ඔප්පු කරගත නොහැකි වුවහොත් ක්‍රිඩා වැරදි වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ සිර දඬුවමකට ලක් වීමටද ඉඩ පවතී.







