ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරිමේදී ඡන්ද දායකයන් විසින් සිදු කරනු ලැබ ඇති යම් යම් අවිධිමත් ක්‍රියා හේතුවෙන් ඡන්ද පත්‍රිකා හාරලක්ෂ පනස් දහසක් පමණ බෙදා දීමට නොහැති වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
විශේෂයෙන්ම නිවවැරදි තොරතුරු ඇතුළත් කොට නොමැති වීම ව්‍යාජ තොරතුරු ලබා දී තිබීම සහ එකම ගෘහයක් තුළ සිහංල , දෙමළ මුස්ලිම් ආදි ජන වර්ග කිහිපයක් නියෝජනය කරන පවුල් කිහිපයක් පැවතීම ආදී කරුණු හේතුකොට ගෙන වගකීමක් සහිත ව එය අදාල පුද්ගලයන් අතට පත් කිරීමේ පැවැති අපහසුතා හේතුවෙන් මෙසේ ඡන්ද පත්‍රිකා ආපසු අදාළ ඡන්ද හිමියන්ගේ බල ප්‍රදේශයේ පවතින තැපැල් කාර්යාලවල ගොඩ ගැසී ඇති බව මෙම නිලධාරියා සඳහන් කළේය.
මේ පිළිබඳව ඔවුන්ගේ නිල නොවන නිරීක්ෂණය වන්නේ පාසල්වලට සිසුන් ඇතුළු කිරීමේ දී ව්‍යාජ ලේඛන සකස් කිරීම ඇතුළු අයථා ක්‍රියා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවට ඔවුන් විශ්වාස කරන බවයි. තැපැල් දේපාර්තමේන්තුව පසුගිය ජූලි 29 වැනි බදාදා වනවිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අවසන් කොට ඇති අතර සෙසු සියලුම ඡන්ද දායකයන්ට තම ඡන්ද පත්‍රිකා භාර දීමට පියවර ගෙන ඇති බවය.
එසේ වුවද නිසි අනන්‍යතාවකින් යුතුව ඒවා භාර ගැනීමට හෝ අදාළ නිවාසවල සාමාජිකයන් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් එක් රැස්වූ මෙම ඡන්ද පත්‍රිකා අවශ්‍ය ඡන්ද දායකයන්ට ලබන අඟහරුවාදා මෙන්ම මැතිවරණය පැවැත්වෙන දින එනම් 05 වැනිදා, බදාදා පස්වරු 5.00 වන තුරු තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.