ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් දෙදෙනකු උවමනාවෙන්ම අඩු දස්කම් දක්වා සිටි බවට පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂෙප කළද ඒ ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට විවිධ අංශවලින් යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ.
මෙවැනි සිද්ධීන් ගණනාවක් පසුගිය වකවානුවේ සිදු වුණද ක්‍රිකට් ආයතනය විසින් ඒ බොහෝ සිද්ධීන් යට ගසනු ලැබූ බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් පැවසීය.
අදාල ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ කණ්ඩායම තුළ සිටි නිලධාරිනියක සමග නොමනා ලෙස හැසිරුණු බවට පළවූ වාර්තාද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂෙප කරන ලදී.
මේ අතර එංගලන්ත සංචාරයේදී ජීව බුබුල කඩමින් රාත්‍රියේ ඇවිදින්නට ගිය ක්‍රීඩකයන් තිදෙනාගේ සිද්ධියද එහි සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියෝ ගත කර සමාජ ජාලා වෙත නිකුත් නොකරන්නට කළමනාකරු විසින් යට ගසා ආයතනයෙන් වසන් කරන්නට තිබුණු බව ද වාර්තා වේ.
මීට අමතරව එල්පීඑල් තරගාවලිය තුළ පන්දු යවන්නකු නෝ බෝල් පන්දුවක් උවමනාවෙන් යැවීමේ සිද්ධියද යට ගැසිණ.
මේ සියලු කටයුතු සිදු වන්නේ වසර තුනක් මුළුල්ලේ වැටුප් ලබමින් දේශීය තරගාවලිවල කණ්ඩායම් හෝටලයටම වී කමින් බොමින් ගිටාර් ගසමින් විනෝදවන දූෂණ විමර්ශන නිලධාරින් දෙදෙනකුද සිටියදී බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මොවුන් ලක්ෂ ගණනින් වැටුප් ලැබුවද මේ දක්වා අල්ලා ගත් කිසිදු හොරයක්, වංචාවක් , තරග පාවා දීමක් හෝ නොමැති වීම සුවිශේෂී කරුණක් බව මේ පිළිබඳව කරන ලද විමසුමකදී ක්‍රිකට් ආයතනයේම නිලධාරියෙක් පැවසීය.
පල්ලෙකැලේ පැවති තරගාවලිය අතර තුර සිගරට් ගෙන ඒමට ජීව බුබුල කඩමින් හොරෙන් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය විනිසුරු උපදේශකයකු ගැනද මොවුන් දෙදෙනා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.