කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් 05/25 සහ 05/26 යන දෙදින තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුනි .
ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී “ගුත්තිල ජාතකය ” පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .
මෙම වැඩසටහනෙහි අධීක්ෂණය නියාමනය , සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් විසින් සිදු කර තිබුණි .
මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියහ .
ඔවුන් සියලු දෙනා වෙත , මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් ද ක්‍රියාත්මක කර තිබුණි.