දින කීපයක් තුළ චීනයේ සංචාරය කළ ජපාන ගායනා කණ්ඩායමක්, හාස්‍ය සංදර්ශන සහ බීජිං නුවර සංවිධානය කර තිබූ ජෑස් සංගීත සංදර්ශයන් ඇතුළු විනෝඳස්වාදය සඳහා පැවැත්වීමට නියමිතවූ වැඩසහන් කීපයක්ම චීනය රජය විසින් හදිසියේම තහනම් කර තිබේ.
ඒ අනුව චීනය රජය විසින් මෙලෙස අදාල වැඩසහන් තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු පූර්ව දැණුම් දීමක් හෝ එම තහනමට හේතුපාදක වූ කාරනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති බවටද වාර්තාවේ.
චීනය රජය විසින් අදාල ප්‍රසංග තහනම් කිරීමට මොහොතකට පෙර එරට විකට ප්‍රසංග පත්වන සහ සංවිධානය කරනු ලබන චිත්රාගාරයකට ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක්ද නියම කර තිබේ. මෙලෙස චීන රජය විසින් දඩ නියම කිරීමට මූලික හේතුව වී ඇත්තේ එම හාස්‍ය චිත්‍රාගාරය සම්බන්ධ හාස්‍ය රංගන ශිලපියෙක් විසින් චීන ආරක්ෂක හමුදාවන්ට අපහාස කළ බවට චෝදානාවට ලක්වීමන් අනතුරුවයි.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ අදාල රංගන ශිල්පියා සාධාරණීකරණය කළ කාන්තාවක්ද අත් අඩංගුවට ගැනීමටද චීන බලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තාවේ. නිව්යෝක් ටයිමස් පුවත්පත වාර්තා කරන අන්දමට චීනය තුළ මේවන විට නිර්මාණශීලි ඉදිරිපත් කිරීමට වලට දැඩි වාරණයක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වේ.
මෙහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් කලාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණයන් සිය කොමියුනිස්ට් පක්ෂයේ අභිමතාර්තයන් ඉටු කර ගැනීමේ සහ චීන අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයක් ලෙසට යොදාගත යුතු බවටද පෙන්වා දී ඇත.
ඒ අනුව චීන කළා නිර්මාණය සහ කළාකරුවන් විසින් චින රජයේ මතයන් ප්රවාර්ධනය කිරීමට පමණක් භාවිතා කිරීමටද මේවන විට යොදා ගැනීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබේ.