සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා ඇමති හොරෙක්… අයි.සී.සී. රැස්වීමට යන්නේ මම… එයාව යවන්නේ වෙන තැනකට… ෂම්මි මාධ්‍ය රැස් කර කියයි!

During Press conference

by editor
නොවැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රීඩා ඇමති හොරෙක් බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා අද මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවේය.  ඔහු මේ බව කීවේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. තමන් ඉපදෙන විට තමන්ගේ තාත්තාට කාර් හතරක් තිබුණු බවත් නවලෝක මුදලාලි කෝටිපතියෙක් බැවින් ඔහුටත් හොරකම් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශම්මි සිල්වා පැවසුවේය. 

ලක්ෂ 2900ක් තමා ඇමතිවරයාට දුන් බව කී ෂම්මි ඒ මුදල් ඔහු හිතවතුන් අතර බෙදා ගත් බවත්   ඒ සඳහා විගණනයක් අවශ්‍ය බවත් පවසමින් කීවේ අපට හොරු කීම නවත්වා හොරා කවුදැයි කණ්නාඩියක් ඉදිරියට ගිහින් බලා ගන්නා ලෙසය.

ජනාධිපති ඔහුට සහතිකයක් දුන්නහොත් ඔහු අයි.සී.සී. ය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් 21 වැනිදා අයි.සී.සී. රැස්වීමට යන්නනේත් තමා මිස ඇමති නොවන බව කී ෂම්මි සිල්වා ඇමති යවන්නේ වෙන තැනකට බව පැවසුවේය.

“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා.”

“උසාවිය යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”

“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා.”

“ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා.”

“දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනියෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.”

“ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”

“ඇමතිගේ බලය අඩු කරන්න ඕනේ. මේ බලයත් එක්ක ක්‍රීඩාව දියුණු කරන්න බැහැ.. මේ වගේ ඇමති කෙනෙක් ආවොත්.”

“ලෝක කුසලානයක් යනකොට ඒ මිනිස්සුන්ගේ වැටුප ගැන කියනවා. ඒ මිනිස්සු මානසිකව වැටෙනවා. මොන රටේද මෙහෙම කරන්නේ. ඒ මිනිස්සු බය වෙනවා රැකියා ආරක්ෂාව නෑ කියලා.”

“දුෂ්මන්ත චමීරවයි වනිඳුවයි 15 දාලා අපි යැව්වේ. එයා අපෙන් ෆිට්නස් ටෙස්ට් ඉල්ලුවා. ඒ නම් දෙක කපලා එවන්න කිව්වා.”

“මම ඉන්දියාවට ගියේ නැහැ. ඔය කියන කොළඹ හෝටලයේ CCTV දාලා බලන්න. මොළයක් නැද්ද. මේවා රෑට තියෙන නාට්‍ය.”

“මිනිස්සුන්ට කන්න නැහැ… ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්.”

“ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.”

“මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.”

“මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා.”

ශම්මි සිල්වා ඉන්දියාවේ සිටි බවත්, ඔහු අයි.සී.සී. යෙන් ක්‍රිකට් තහනමක් ඉල්ලූ බවත් වාර්තා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු සුප්‍රකට ක්‍රීඩා නාලිකාවක් වන   ESPN මාධ්‍ය ජාලයට අයත්  ලොව ප්‍රමුඛම වෙබ් ඩවිය වූ cricinfo විසිනි.  ඔවුන් පැහැදිලිව දක්වා ඇත්තේ දෙසැම්බර් මස අවසන් වන තෙක් කිසිම අන්තර් ජාතික තරගයක් නොමැකි බැවින්  ඩොලර් අරමුදල්   අයි.සී.සී.යෙන් ශ්‍රී ලංකාවට නොලැබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ නියාමන අධිකාරියෙන් පැන්නූ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක තනතුරට… 

Next Post

ජනපති සමග සාකච්ඡාව සාර්ථකයි.. දැන් අත්තේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමයි… GMOA කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.