සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ක්‍රිප්ටොකරන්සි“ වංචාවන්ට හසු නොවන්න… මහ බැංකුව අනතුරු  අඟවයි…

by editor
ජූලි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය මෙන්ම වෙනත් මාධ්‍ය හරහා ඉදිරිපත් කරනු ලබන විවිධ වර්ගයේ අතථ්‍ය මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙස  මහජනතාවට අනතුරු අඟවනු ලැබේ.

අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක්  බව මහ බැංකුව පවසයි.

අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ආයතනයකට හෝ සමාගමකට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට මූලික කාසි නිකුතුවකට (Initial Coin Offerings) හෝ පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (Mining Operations) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළක් (Virtual Currency Exchange) ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර නොමැති බව මහබැංකුව නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ආයතනයකට හෝ සමාගමකට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට මූලික කාසි නිකුතුවකට (Initial Coin Offerings) හෝ පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (Mining Operations) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළක් (Virtual Currency Exchange) ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර  නොමැත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 සහ 2021 වසර වලදී මාධ්‍ය නිවේදන මගින් මහජනතාවට දැනුම් දුන් පරිදි, අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ආයතනයකට හෝ සමාගමකට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට මූලික කාසි නිකුතුවකට (Initial Coin Offerings) හෝ පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (Mining Operations) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළක් (Virtual Currency Exchange) ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර නොමැත.

තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාර ව අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිත කිරීමට අවසර නොමැත. එබැවින්, අතථ්‍ය මුදල් නියාමනය නොවන මූල්‍ය උපකරණ (unregulated financial instruments) ලෙස සලකනු ලබන අතර, ශ්‍රී ලංකාව තුළ ඒවායේ භාවිතය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණයක් හෝ ආරක්ෂාවක් නොමැත.

එබැවින්, අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමෙන්   පරිශීලකයින් නිරාවරණය විය හැකි සැලකිය යුතු මූල්‍ය (Financial), මෙහෙයුම් (Operational), නීතිමය (Legal) සහ ආරක්ෂණය (Security) සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂාව (Customer Protection) සම්බන්ධ ගැටළු පිළිබඳ ව මහජනතාවට අනතුරු අඟවනු ලැබේ.

අන්තර්ජාලය මෙන්ම වෙනත් මාධ්‍ය හරහා ඉදිරිපත් කරනු ලබන විවිධ වර්ගයේ අතථ්‍ය මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙසද මහජනතාවට අනතුරු අඟවනු ලැබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකානු තානාපති කාර්යාල කොන්සියුලර් සේවා අද සහ හෙට හදිසියේ අවලංගු කරයි!

Next Post

අගමැති ලේකම් කාර්යාලය ඉදිරියේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර… ප්‍රහාර නොතකා  උද්ඝෝෂකයින් ඉදිරියට….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.