දිනසේන රතුගමගේ –
යාපනයේ ස්ථාන කීපයකදී කලු ඇදුම් ඇඳගත් පිරිසක් රාත්‍රී කාලයේදී මහ මගදී ඉන්ධන බව්සරයකින් ඉන්ධන ලබා ගෙන ඇති බව යාපනයේ වැසියෝ ප්‍රකාශ කරති.
මේ පිරිසට ඉන්ධන බව්සරය මහ පාරේ නවතා ඉන්ධන ලබා දුන් බව පවසන යාපනයේ වැසියෝ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස රාත්‍රියේදී කිසිවෙකුට හෝ හඳුනා ගැනීමට නොහැකි සේ කලු ඇදුමින් සරසී මුව ආවරණය කරගෙන සිටි බවත් සඳහන් කරයි.
ඔවුන් ඉන්ධන ලබා ගන්නා ලද වාහනද කලු පැහැති වාහන බවත් ඒවායෙහි අංකයන් ලබා ගැනීමට යාමට ජනතාව බිය වූ බවත් ප්‍රකාශ කළ යාපනයේ වැසියෝ එම පුද්ගලයින් විසින් රාත්‍රියේදී ඉන්ධන ලබා ගන්නා අන්දම කීප දෙනෙකු විසින් ඡායාරූප ගෙන ඇතැයිද කියා සිටියහ.
යාපනයේ සාමාන්‍ය වැසියන්ට ඉන්ධන නොමැතිව සිටියදී කිසියම් පිරිසකට පමණක් මහ මගදී පෝලිම් වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස යාපනයේ වැසියෝ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.