ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නා බවට චීනය අභිබවා ඉන්දියාව ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව නවතම දත්තා වර්තා පෙන්වා දෙයි.
ඒ අනුව පසුගිය කාලයේදී මෙරට ඇතිව තිබෙන විදේශ විනිමය අර්බුදය සමතයකට පත් කරගැනීමට ඉන්දියාව ලබා දුන් කඩිනම් ණය පහසුකමත් සමඟ චීනය අභිබවා යැමට ඉන්දියාව සමත්ව තිබේ.
දත්ත වාර්තා වන්ට අනුව අප්‍රේල් 30 වැනිදා දක්කවා වූ මුල් මාස හතකර කාලයේදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 376.9ක් ලබාදී ඇති අතර ඊට සාපෙක්ෂව චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලයන 67.9ක් පමණක් ලබාදී ඇති බවට අනාවරණය වේ. මෙම දත්ත වලට ඉන්දියාව විසින් ලබාදුන් පූර්ණ මුල්‍ය සහන පැකේජය ඇතුලත් නොවන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වේ.
ශ්‍රී ලංකා දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ඉන්දියාව පළමුවෙන්ම සහයට පැමිණි අතර එය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොද්ගේ අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ සිදුවිය.
මෙහිදී ඉන්දිය මූල්‍ය සහන පැකේජය ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් අතර එහිදී දැඩි ඉන්ධන හිඟයක්ද අත්‍යවශ්‍ය සේවා පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට රට පත්විය.
පසුගිය සමයේ ශ්‍රී ලංකාවට ඉතා සමීපව කටයුතු කළ චීනය මේවන විට ශ්‍රී ලංකාවෙන් ඇතව තිබෙන ආකාරයක් පෙනීයන අතර ශ්‍රී ලංකාවට චීනය වැඩියෙන්ම අවශ්‍ය වූ මොහොතේදී අත්හැර දැමූ බවද ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ පෙර පැවති ද්වීපාර්ශවීය සම්බන්ධතා වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවරගෙන තිබේ.