බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුපෙ රොෂාන්ගේ නැන්දමා සහ නැගනිය කුඩු එක්ක කොටුවේ

by editor
අගෝස්තු 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය-

අරුණ උදය ශාන්ත පතිරණ නොහොත් රණාලේ සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන කලූපේ රෝෂාන් නැමැති අයගේ නැගණිය හා නැන්දණිය හෙරොයින් ග්‍රෑම් 06 ක් සමග මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (28) හික්කඩුව, තොටගමුවේදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් අද (29) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ පාර, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි තුයියාදුර නෙතුෂි නෙතාෂා ද සිල්වා (20) සහ පංසලපාර, මීටියාගොඩ, හික්කඩුව ලිපිනයේ පදිංචි කලුවාහන්දි කාන්ති (61) යන දෙදෙනාය.
පළමු සැකකාරිය කලූපේ රොෂාන් නැමැති අයගේ නැගණිය වන අතර දෙවන සැකකාරිය කලූපේ රෝෂාන් නැමැති අයගේ බිරියගේ මව බව මීටියාගොඩ පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත් වරුෂවිතානට ලැබුණ තොරතුරකට අනුව සැකකාරියන් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබි හෙරොයින් සොයා ගෙන තිබේ. මීටියාගොඩ පොලීසිය පසුව කරන ලද විමර්ශන වලදි සැකකාරියන් කලූපේ රොෂාන් නැමැති අයට ඇති සම්බන්ධයන් අනාවරණය කරගෙන ඇත.
පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ (29) නොහොත් රණාලේ සමයං නැමැති අය 2017 පෙබරවාරි 27 දින කළුතර, එතනමඩල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කරන ලද සිද්ධියේ සැකකරුවන් 10 දෙනාගෙන් එක් සැකකරුවෙකු ලෙස මීටියාගොඩ, කලූපේ පදිංචි දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නොහොත් සන්කු නැමැති අය 2017 අප්‍රේල් 25 දින පොලීසියේ අත් අඩංගුවට පත්ව තිබේ. ඒ බළපිටිය උසාවිය අසලදීය.
රණාලේ සමයං නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නැමැති අය බන්ධනාගාරයේ සිට සිය නැන්දණිය සහ නැගණිය ලවා හෙරොයින් ජවාරම මෙහෙයවා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වි තිබේ.
දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නැමැති අය 2014 වර්ෂයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලව බන්ධනාගාරගත කර සිටි අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත් වරුෂවිතානගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ඤාණදාස සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.


RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස්සු මිනිස්සුන්ට කළ අපරාධ ගැන දැන්වත් කතා කරමු…

Next Post

කෝප් කමිටුවට නාම යෝජනා කැඳවයි. විපක්ෂය සභාපති කම ඉල්ලයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.