බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මිනිස්සු මිනිස්සුන්ට කළ අපරාධ ගැන දැන්වත් කතා කරමු…

මිනී මරා සාධාරණීකරණය කරන සමාජයක් යළි ඇති විය යුතු නෑ - විසාකේස චන්ද්‍රෙස්කරම්

by editor
අගෝස්තු 29, 2020 - Updated on අගෝස්තු 30, 2020
in කලා
Paangshu

පාංශු චිත්‍රපයේ රූප රාමුවක්...( සේයා රුව- උදේනි චන්ද්‍රසිරි)

Share on FacebookShare on Twitter

ෂර්ලි සමරසිංහ – 

  • පාංශු ප්‍රේක්ෂකාගාරයෙන් අහන්නෙ එක ප්‍රශ්නයයි…. ඔබේ දරුවා අද රෑ අතුරුදහන් වුනොත් ඔබ කරන්නෙ කුමක් ද?
  • 1971 සිදුවීම 1988ත් සිදු වී 2009 දීත් සිදුවුනේ ඇයි?. හෙටත් මෙවැනි අපරාධයකට ඉඩ දිය යුතු නෑ…
  • අමානුෂික අපරාධ පිරිසක් තවත් පිරිසක් මත මුදා හැරීම කර්මය හා කර්ම ඵපයේ ප්‍රතිඵලයක් නොවේ…     

                                                                                                         

 විසාකේස චන්ද්‍රසේකරම් ආත්ම ප්‍රකාශන සිනමාව හා සබැඳි අලුත් පරම්පරාවේ නිර්මාණකරුවෙක් ලෙස හඳුන්වාදීම අතිශයෝක්තියක් නොවේ. සිය නිර්මාණ භාවිතාව තුළ ප්‍රස්තුතය ලෙස ජීවිතය ප්‍රශ්න කරන ඔහු ගේ අලුත්ම සිනමා කෘතිය “පාංශු” අළලා ගොඩනඟන සංවාදයයි මෙි.

visakesha chandrasekaran
විසාකේස චන්ද්‍රසේකරම්

 

ඔබ තුරුණු විය ගෙවා දැමූ සමකාලීන වකවානුවක සමීප අත්දැකීමක් සිනමා කෘතියකට නගන්න උත්සහ කරනවා.
ඔව්. මේ කතාව මගේ ඔළුවට එන්නේ 1988, 1989 කාලය තුළ ඇඹිලිපිටිය සූරිය කන්ද සමූහ මිනී වල පිළිබඳ මතකයත් සමග. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව අපි අහලා තිබුණා.
ඔවුන් ආපසු කවදාවත් අපට මුණ ගැහෙන්නෙ නෑ.
ඒ දරුවන් සොයාගෙන ඔවුන්ගේ දෙමාපියන් හැම තැනකම යන්න ඇති.
අනිත් අතට මට මතක් වෙනවා මේ සිද්ධිය වාර්තා කරද්දි එක් අම්මා කෙනෙක් උසාවියේ විමර්ශනයට ගෙනා ඇට කැබලි ගොඩක් දිහා බලන් ඉන්න සංවේදී ඡායාරූපයක්. ඇයට ඉතිරි වෙලා තිබුණේ භාජනයක දාලා තිබුණ ඇටකටු ටිකකින් තමන්ගේ දරුවාව හඳුනා ගන්න. එක් තැනකදී එක් මවක් තම දරුවාව හඳුනගත්තේ ඔහු ඇඳන් හිටපු සරමේ ඉතිරි වු රෙදි කඩකින්. ඒ එක් පරිච්ඡේදයක්.
ලංකාවේ යුද්ධය අවසන් වෙනවා. අවසන් වෙන්න කලින් 2009 අප්‍රේල් මැයි මාසවල විශාල මනුෂ්‍ය ඝාතනයක් උතුරේදිත් සිදු වෙනවා. එල්.ටී.ටී.ඊ මෙන්ම සාමාන්‍ය වැසියන් එහිදී ඝාතනයට ලක් වෙනවා. හතලිස් දහසක් පමණ මිනිසුුුන් ප්‍රමාණයක් මිය යන බව වාර්තාවනවා. මේ සිදුවීම් මාලාවේ වීඩියෝ දර්ශන විටින් විට අපි අන්තර්ජාලයෙන් දකිනවා. නමුත් 1988, 89 කියන කාලවකවානුව තුළ ඡායාරූප තාක්ෂණය හෝ විඩියෝ මාධ්‍ය එතරම් ප්‍රචලිත යුගයක් නොවේ. ඡායාරූප ගත කරන්නට ඉඩකඩක් නොලැබුණ පසුබිමක ඒ සිදුවීම් වැළලී ගියා.
88 89 වකවානුව තුළ පනස් දහසක් පමණ තරුණ ජීවිත අකාලයේ විනාශ වූ බව අපි දන්නා කාරණයක්. ඔවුන් සියල්ලක්ම සන්නද්ධ වූ පුද්ගලයෝ නෙවෙයි. අහිංසයන් සෑහෙන ප්‍රමාණයකුත් මෙහි දී ඝාතනයට ලක් වුණා. විශේෂත්වය වන්නේ මේ කිසිවෙකු මරණයට පත් කරන්න උසාවි තීරණයකට නෙවෙයි. ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න පුළුවන් උසාවියක නඩුවක් විමසලා පමණයි. තවමත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ලංකාවේ ඉඩ කඩක් විවර වෙලාත් නෑ. එය සදාචාර සම්පන්න සමාජයකට නොගැලපෙන එම දඬුවම ගෙන ඒමට කළ ප්‍රයත්නයන් පවා ප්‍රතික්ෂේප වුුුණා.
නමුත් අපේ රටේ මහා පරිමාණ මිනිස් ඝාතන දිගින් දිගටම සිදුවුණා.
මේ අපරාධ සහ ඝාතනයන් ප්‍රතික්ෂේප කරන පිරිසකුත් අප අතර ඉන්නවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

paanshu film
පාංශු චිත්‍රපයේ ජවනිකාවක්… ( සේයා රුව – උදේනි අල්විස්)

ඔබ ගොඩනගන්න උත්සාහ කරන්නෙ මේ රටේ එක් ජනවර්ගයකට අනන්‍ය කළ කෘෘරත්වය සම්බන්ධ කතාවක් ද?
මේ නිර්මාණය කරන්න මා පෙලඹෙන්නේ සිංහලයා විසින් දෙමළටත්, දෙමළා විසින් සිංහලයාට කරන ලද අපරාධ ගැන කතා කරන්න නෙවෙයි. ඊට කලින් අප කළ යුතු සාකච්ඡාවක් තියෙනවා. ඒ තමයි වාර්ගික වෙන් කිරීමකින් තොරව මිනිස්සු මිනිස්සුන්ට කළ අපරාධවල කෘෘරත්වය සංවාදයට ලක් කරන එක.
88 – 89 වකවානුවෙ සිංහල කතා කරන මිනිස්සුන්ගෙන් සිංහල කතාකරන තවත් කණ්ඩායමකට සිදු වූ අපරාධය ගැන වගේම, දෙමළ කතා කරන එල්.ටී.ටී.ඊ එක දෙමළ කතා කරන මිනිස්සුනට කළ අපරාධය ගැන කතා කරන්නෙ නෑ…
මම කල්පනා කරන්නේ අපි මෑත ඉතිහාසය ගත්තොත් ඉදිරියට යන්න ඕන යුද්ධයේදී සිදූවු විනාශය අතහැර දමලා. එහෙම යන්න බැරි සමහර ජීවිතත් අප අතර සිටිනවා. උදාහරණයක් තමයි සැමියා අහිමි වූ බිරියක්. සිය පුත්‍රයා අහිමි වූ මවක්. සිය පෙම්වතා අහිමි වුණු පෙම්වතියක්.
මේ සියල්ලන්ටම දැනගන්න අවශ්‍ය වෙනවා අතුරුදන් වු අයට මොනවද කළේ කියන කාරණය. ඉදිරියට යන්න නම් ඒ සාකච්ඡාව ඇතිවිය යුතුයි. ඒ සාකච්ඡාව ඇති කරන්න බැරි එක හේතුවක් තමයි 88 89 වූ විනාශය පිළිබඳව කතිකාවක් ඇති නොවීම. අපි මොකද කළේ…. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල කෘෘරයි. ඊට වඩා කෘෘර ආකාරයකින් තමයි රජය විසින් එම කරැල්ල මර්දනය කළේ.
මේ කාරණා කතා නොකිරීම නිසා මේ වගේ දෙයක් ඉදිරියේ දී ඇති වුණත් කතා නොකර ඉන්නවා වගේ මතයක් නිරායාසයෙන් ගොඩනඟනවා. ඕනතරම් මිනී මරන්න පුළුවන්. ඒ ගැන කතා කරන්න අත්‍යවශ්‍යම නැහැ කියලා අනාගතයේ කෙනෙකුට හිතෙන්න.
එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ කතා කරන මිනිස්සුන්ට කළ අපරාධය ගන්න… තමන්ගෙ මතවාදයේ නොහිටපු සියලු දෙනා ඝාතනය කරන්න ඔවුන් උත්සාහ කළා. රාජීනී තිරාණගම ඝාතනය එයට එක් උදාහරණයක්. ඊට පස්සේ ප්ලොට් සහ ටෙලෝ සංවිධාන වල දහසකට අධික සාමාජික පිරිසක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කළා. උතුරු නැගෙනහිර පමණක් නොවෙයි කොළඹ ජීවත් වූ අය මැරුවා. ඉන්දියාවට පලා ගිය අය පසුප සොය සොයා ගොස් ඝාතනය කළා. ඉතාමත් කෲර විදිහට සියල්ල මර්දනය කළේ. රාජිණී තිරාණගම සිට නීලන් තිරුචෙල්වම් දක්වා ඒ ගමන දිගුයි. මේ සාකච්ඡාව දෙමළ කතා කරන අය කළ යුතුයි. ඒ නොකළ නිසා තමයි අද LTTE හිතවාදී ඩයස්පෝරාව සහ සාමාන්‍ය දෙමළ විමුක්ති ව්‍යාපාර පවා ඒ මානුෂික අපරාධය කතා කරන්නනේ නැත්තේ.
සිනමා කෘතියක් වාර්තා චිත්‍රපටයක් මෙන් සිදුවීම් එකින් එකට පෙළ ගන්වන්න ලැබෙන්නේ නෑ. සමාජයේ අඳුරු කාල පරිච්ඡේදයක් යතාර්ථවාදීව මතුකිරිමත් ලෙහෙසි නැහැ.?
අභියෝගාත්මකයි. පැහැදිලිවම පහසු කටයුත්තක් නොවෙයි. වාර්තා චිත්‍රපටයකින් වුවත් එය සාධාරණය එලෙසින්ම කරන්න අමාරුයි.
මට අවශ්‍ය වුණේ මේ සාකච්ඡාව ආරම්භ කරන්න. මේ කතාව සිදුවීම් මාලාවක් නියෝජනය කරනවා නොවෙයි. සංවාදයට ලක් විය යුතු කිසියම් සමාජ පැතිකඩක් පමණයි මේ කෘතියට මා එකතු කරන්නේ. ඒ එල්ලය තුළ මේ කතාව පැහැදිලිවම සිදුවීම් මාලාවක් අර්ථ නිරූපණය කරන්නක් නොවේ.
දවසක ඔබේ අතුරුදහන් වීම සිදු වුණොත් ඔබේ මව මොනවා කරයිද කියලා මොහොතක් සිතා බලන්න. එයයි මා විමසන්නෙ. මේ ප්‍රශ්නය අහන්න වටයක් යන්න මට අවශ්‍ය වුණේ නෑ.
රටේ උගතුන් කියන අය පවා බොහෝ ගෝත්‍රවාදී ආගම්වාදී වර්ගවාදී තත්ත්වයකට අද පත්වෙලා. තමන්ගේ ජාතියට වර්ගයට එරෙහිව රිදෙන මොන දෙයක් කීවත් ඔවුන් අවි අමෝරාගෙන එනවා. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා එයට අදාල නැහැ. විශාල පිරිසක් අන්තගාමීයි. ඉතාම සුළු පිරිසක් පමණයි ඉන්නේ මැදහත් සිතකින් ප්‍රශ්නයක් පිළිබඳව විවෘත සාකච්ඡා කරන්න සූදානම්. මෙය ඔවුන් සියලු දෙනාගෙන්ම කෙරෙන සරල මානුෂික විමසීක්… හදිසියේම ඔබගේ දරුවා ගෙදර නාවොත් මොකද කරන්නේ ? . ඔබ ගෙදර නාවොතින් ඔබේ දෙමව්පියන් සමීපතමයන් මොනවා කරයිද?. කොහොමද අපි මේ අනතුර නවත්තන්නෙ?. ප්‍රේක්ෂකයන්ට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඉඩක් දෙනවා. මොහොතක් හිතන්න… 1971 වෙච්චිදේ 1989 වෙනකොට, ඉන්පස්සෙ 2009 වෙනකොට මං අහන්නේ අපි පාඩම් ඉගෙන ගත්තෙම නැද්ද?

paanshu film
පාංශු චිත්‍රපටයේ දර්ශනයක් ( සේයා රුව – උදෙනි චන්ද්‍රසිරි)

ඔබ මේ නිර්මාණය ස්ථානගත කරන්නේ ග්‍රාමීය සංස්කෘතිය සහ එහි සංකේතාර්ථ පදනම් කරගෙන?
පළමුවැනි කාරණය මේ චිත්‍රපටය මා හදන්නේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට. මේ ප්‍රශ්නය අහන්නනේ ඔබෙන්. ඔබට මේ දේ වුනොත් නවත්ත ගන්නෙ කොහොමද කියන කාරණය. ජාත්‍යන්තරයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි එය. ඒ අපේ ප්‍රශ්නයක්. මට අවශ්‍ය වුණේ ලංකාවේ ග්‍රාමීය පසුබිමක ගොඩනැගුණු වැඩවසම් ප්‍රායෝගිකත්වය ගැන කතා කරන්න. දේශීය සංකේතාත්මක කාරණා කතාවට තියාගන්න.
දෙවැනි කාරණය තමයි අපේ මිනිස්සු මුහුණ දෙන ජීවිත යථාර්ථය. නඩුවක් අහන්න උසාවියට ගියාම අවුරුදු ගණනක් උසාවියට බඩගාන්න වෙනවා. අපිට දවසකින් දෙකෙන් සුමානෙන් මාසෙන් උත්තර ලැබෙන්නේ නැහැ. එතකොට බල පුළුවන්කාරයින් මුදල් බලයෙන් බෙිරිලා යනවා. දුප්පත් අහිංසක නූගත් මිනිස්සු නීතියේ රැහැනට හසු වනවා. දුප්පත් ග්‍රාමීය මිනිසුන් වැටිලා ඉන්න අගාධයෙන් ගොඩ එන්න දියුණු ක්‍රමවේද වාමාංශික ව්‍යාපාර පෙන්වා දුන්නත් වැඩවසම් මානසිකත්වය තුළයි ඔවුන් හැමදාම කටයුතු කරන්නේ.
සමාජ අසාධාරණය කර්මය හැටියට පිළිගැනීම තමයි ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. යථාර්ථය තුළ තමයි මේ කතාව කියන්න මම උත්සහ කළේ. ෆැන්ටසිය තුළ ඉඳලා කතාවක් කියන්න ගියානම් කාටවත් මෙය තේරෙන්නේ නැහැ.
ග්‍රාමීය මිනිස්සුන්ගෙ විඤ්ඤාණය හසුරන බරපතලම පදනම වන්නේ ආගම. දෙවැන්න වැඩවසම් සම්බන්ධතා. කැරැල්ලට එකතු වන තරුණයෙක් ආයුධ අතට ගත්තම දෙමාපියන් සලකන්නේ ඔවුන්ගෙ පූර්ව කර්මය කියලා. අපිට වඩා පින් කරලා අපිව පාලනය කරන පිරිසක් අපිට ඉහළින් ඉන්නවා කියලා ඔහුන් විශ්වාස කරනවා. ඒ අයගේ මතයට විරුද්ධ වෙන්න අපට අයිතියක් නැහැ කියලා ඔවුන් මතයක් හදා ගෙනයි ඉන්නේ.
ඔබ බෞද්ධයෙක්ද ?
මම බෞද්ධයෙක්. ඒ ගැන මට කිසිම ගැටලුවක් නැහැ. ඇයි මම බෞද්ධයෙක් කියන්නේ . මම විශ්වාස කරනවා හැම සත්වයෙකුටම මරණ බය තියෙනවා කියන එක. හැම සත්ත්වයකුටම ජීවත්වීමෙි අයිතියක් කියනවා එක. කිසිම මනුෂ්‍යයෙකුට වේදනාව දුක දැනෙන මට්ටමක් තියෙනව නම් වේදනාව දුක දැරිය යුතු නැහැ කියන එක. කෙනෙක්ව පීඩාවට පත් කරන්න හොඳ නැහැ කියලා තියන මගෙ විශ්වාසය. මේ ලෝකෙ හැම දෙයක්ම තත්පරයක් ගානේ වෙනස් වන බව මම දන්නවා. අනිත්‍ය ලෝකයක් තුළ කිසිම දෙයක් නිත්‍ය නෑ. මගේ වර්ගය, ආගම, ජාතිය කිසිවක් නිත්‍ය නැහැ. සියල්ලම විනාශයට පත් වනවා. එනිසාම හැම දෙයක්ම අනිත්‍යයයි කියන විශ්වාසය මට තියෙනවා.
ඒ නිසා මම බෞද්ධයෙක්…
“පාංශු”චිත්‍රපටියෙ ලයනල් යකුපිටිය නීතියේ රැහැනින් මුදවා ගන්න හෘදසාක්ෂිය ගොඩනැගීම ඔබ අර්ථ දක්වන්නේ කොහොමද ?
ලයනල් යකුපිටිය කතාවේ ප්‍රධාන භූමිකාව වන මවගේ එකම දරුවාව අතුරුදන් කළ කණ්ඩායමේ ප්‍රධාන සෙබළා. ඒ චරිතයට විශේෂත්වයක් තියෙනවා. ඒ චරිතයට හෘර්ද සාක්ෂියක් තියෙනවා.
සමහර මිනිසුන්ට හෘද සාක්ෂිය හීනයි. නමුත් ලයනල් යකුපිටියගේ හෘද සාක්ෂිය කොතරම් බරපතලද කියලා කියනවා නම් ඔහු කළ අපරාධය නිසා බෙහෙවින් පීඩාවට පත් වෙනවා.
මතුපිටින් කොලෝනියල් දායාදයක් විදිහට ලැබුණු අධිකරණ පද්ධතියක් තුළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විනිශ්චය ක්‍රමය, අපරාධ නීතිය, සාක්ෂි නීතිය හඳුන්වලා දීලා තියෙනවා. මේ රූපරාමු එක්ක අපි වැඩ කරන්නේ දණ්ඩනයට ලක් කළ යුතුයි කියලා. නමුත් ලයනල් තවත් තැනක දඬුවමට ලක්වෙලා තියෙනවා. මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ප්‍රේක්ෂකයාට ලයනල් යකුපිටිය බේරාගත යුතු නම් ඒ කොහොමද?
මා එය ප්‍රේක්ෂකාගාරයෙන් අහනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තල් වනය ගිනි ගනී… තල් ගස් 2000ක් විනාසයි…

Next Post

කළුපෙ රොෂාන්ගේ නැන්දමා සහ නැගනිය කුඩු එක්ක කොටුවේ

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.