කොළඹ – දිලංගා ගෝමස් –
කලුතර ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවීම් ලබන ආබාධ සහිත ප්රතිලාභීන් නව දෙනෙකු වෙත දීමනා ලබා නොදී දී මුදල් ලබාගත් බවට ඔවුන්ගෙන් අත්සන් ලබාගෙන රුපියල් 3 20,000 ක මුදලක් වංචා කළ අලජ්ජී නිලධාරින් පිරිසක් සම්බන්ධව විගණන පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයට අයත් ප්රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධව වර්ෂ 2021ට අදාල විගණන වාර්තාවෙන් හෙළි කරන පරිදි මෙම වංචාව හෙළි වී ඇත්තේ කලුතර ප්රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධව සිදුකළ නියැදි විගණන පරීක්ෂාවේ දී ය.
එමෙන්ම කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 07ක මියගිය විශ්රාමිකයන්ගේ තොරතුරු කාලීනව යාවත්කාලීන නොකිරීම මත මියගිය විශ්රාමිකයන් 25 ක් වෙනුවෙන් රුපියල් 7. 64,551 ක මුදලක් නැවත අයකර ගැනීමට කටයුතු කර නොමැති බවද විගණනයෙන් පෙන්වා දී ඇත.
තවද ප්රාදේශීය ලේකම් කාර්යාල 05 විශ්රාමිකයන් 34 දෙනෙකු සඳහා ස්ථිර හෝ තාවකාලික විශ්රාම වැටුප් ලිපි ගොනුවක් නොමැතිව විශ්රාම වැටුප් ගෙවමින් පවතින බව ද විගණනයෙන් නිරීක්ෂණය වී තිබේ.
සමාලෝචිත වර්ෂයේ දී පමණක් කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ අවභාවිතව ඇති මුදල් ප්රමාණය රුපියල් තුන් කෝටි, අට ලක්ෂ, විසි නව දහස්, එකසිය අසු පහක් (30,829,185) ක් බව විගණනය පෙන්වා දෙයි.