ලසන්ත අලගියවන්න –
රටම දුෂ්කරතාවයට පත්වී ඇති මේ අවස්ථාවේ දී ජනතාව දුෂ්කරතාවයට පත් කරමින් ලබා දී ඇති බලපත්‍ර අපයෝජනය කර වැඩි මිලට ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන සියලුම වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරාභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.
අහෝස් කරන එම බලපත්‍ර එම ප්‍රදේශවල වෙනත් වළෙඳුන්ට ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් කීවේය.
සෑම ග්‍රාමසේවා වසකමකටම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා වෙළෙඳසල් දෙකකට බලපත්‍ර ලබා දී ඇත්තේ ජනතාව දුෂ්කරතාවයට පත් නොකිරීමට බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
“ආණ්ඩුවෙන් ගම තුළ විවෘත කිරීමට අවසර දෙන ගමේ කඩේ කළු කඩයක් වෙලා“ යන සිරස්තලය යටතේ මීට පැය කිහිපයකට පෙර ලංකාසර කළ හෙළිදරව්වට පසුව අමාත්‍යවරයා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.