fbpx

කවුරු කටමැත දෙඩුවත් උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ… පොලිස් ඇමති සැර කරයි…

RelatedPosts

සමගි ජනබලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්නට හදන්නේ රට හදන්නට හෝ රට දියුණු කරන්නට නොවන බවත්, රෝග ව්‍යාප්ත කර යළිත් රට අගාධයට ඇද දැමීමට බවත් පවසන මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කවුරු මොන තරාතිරමක හිටියත්, කටමැත දෙඩෙව්වත් උද්ඝෝෂණ කරන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මෙසේත් කීවේය.

“විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග එකතු වෙලා මේ වසංගතය පැරදවීම මිසක්  වසංගතය සමඟ එකතු වෙලා රජය පැරදවීම නොවෙයි.  කවුරු කෙසේ කීවත් පොලිසියේ බාර ඇමතිවරයා හැටියට  මම ඒකට ඉඩ දෙන්නේ නැහැ . අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජනරාශි ජන රැලි නීති විරෝධී උද්ඝෝෂණ අපි අනිවාර්යෙන්ම නවත්තනවා . නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා.

පොලිසිය කරන්නේ නීතිය හා සාමය රකින එක . පොලිසියට යම් නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය පිළිපදිනවා  සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට ගිහින් තියෙන්නෙ.  මේ වගේ උද්ඝෝෂණවලින් ජන රැළිවලින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්.  තවත් රැල්ලක් ඇති වන්න පුළුවන්. එතකොට රටේ ජනතාවට මොකද වෙන්නේ.

එතකොට ස්වයං රැකියා කරන අයට කර්මාන්ත ශාලා පවත්වාගෙන අයට මොකද වෙන්නේ. පසුගිය අවුරුද්දේ හිටිය වගේ ඉන්න වෙනවා . රටකට මොකද වෙන්නේ.“ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා කීවේ දැඩි ස්වරයෙනි.

 

Get real time update about this post categories directly on your device, subscribe now.

RelatedPosts

Next Post

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

I agree to the Terms & Conditions and Privacy Policy.

ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist