චීන කාබනික පොහොර නැව හා සම්බන්ධ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විසින් දේශපාලනීකරණය කර තිබෙන බවත් ව්‍යාජ ප්‍රවෘත්ති පළ වීම නිසා ප්‍රශ්නය සංකීර්ණ වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යු ෂියෙන්හොන්ග් (Qi Zhenhong) අද මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැදැකීමේන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ලෝකය පිළිගත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයේ පර්යේෂණවලින් ප්‍රතිෂේපිත ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු පෙහොර තොගය පිළිබඳ අදහස් දැක්වූ චීන තානාපතිවරයා කීවේ අදාළ පොහොර තොගයට අදාළ සාම්පලයක් තුන්වන පාර්ශවයක් ලවා පරීක්ෂාවට ලක් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහ චීන සමාගම එකඟතාවකට පැමිණ තිබෙන බවය.
ශ්‍රී ලංකාවේ ජනතාව චීන පොහොර නැව සම්බන්ධව විශේෂ අවධානයෙන් පසුවන බවත් මෙය චීන පොහොර සමාගමක් හා පවතින වාණිජමය ගැටලුවක් මිස රාජ්‍ය තාන්ත්‍රික් ගැටලුවක් නොවන බවත් ඔහු පැවසුවේය